Headlines

2022 වසරේ පළමු පාසල් වාරය හෙට (03) ඇරඹේ


නව පාසල් වාරය ආරම්භ වීමත් සමග සිසුන් ඉහළ ශ්‍රේණිවලට ඇතුළත් කෙරුණ ද පහළ ශ්‍රේණිවල මග හැරැණු විෂය කරුණු ආවරණයට පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබේ.
අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සියලු අධ්‍යාපන බලධාරීන් වෙත දැනුම්දී ඇති බවයි.

ඉහළ ශ්‍රේණියේ අධ්‍යන කටයුතු ද බාධාවකින් තොරව කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේ ය.

2022 වසරේ පළමු පාසල් වාරය හෙට (03) ආරම්භ වේ.

No comments