Headlines

අද කාලගුණය (12) පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ

 


2022 ජනවාරි මස12දින සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා 

No comments