Headlines

අද කාලගුණය (11) පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්.



2022 ජනවාරි මස11දින සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල කාලගුණ නිවේදනයට අනුව පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්ශ්‍රී ලංකාවට ගිනිකොණ දිශාවෙන් ස්ථානගතව පවතී.

ඒ අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.නැගෙනහිරසහ ඌවපළාත්වලත්හම්බන්තොට,පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවටයි පැවසෙන්නේ 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා 

No comments