Headlines

මුහුද යටින් දිවෙන Øresund පාළම

 ස්වීඩනයේ ගොඩබිම සිට පැමිණ ( දුම්රිය සහ අධිවේගී මාර්ග) පසුව මුහුද මතින් ඉදිවී ඇති දැවැන්ත පාළම මතින් එකවරම මුහුද යට ඇති උමඟක් හරහා ගොස් නැවත ඩෙන්මාර්කයෙන් මතුවන ආකාරයෙන් නිමවා ඇති මෙම අපූරු මාර්ග නිර්මාණය දෙරට එක්වී කරන ලද තවත් එක් ඉන්ජිනේරුමය හාස්කමකි.

 මෙම අධිවේගී මාර්ගයේ මුළු දිග කිලෝමීටර් 16 ක් වන අතර ඩෙන්මාර්කය හා ස්වීඩනය අතර ඇති ඔරේසුන්ඩ් (Øresund) සමුද්‍ර සන්ධිය හරහා මෙම රටවල් දෙක සම්බන්ධ කරනු ලබනවා... ඔරෙසුන්ඩ් පාළම සහ මෙම මුහුදු උමං මාර්ගය 2000 වසරේදී ඉදිකිරීම් නිම කරන ලද අතර ඩෙන්මාර්කය සහ ස්වීඩනය අතර රථවාහන සහ දුම්රියට ගමන් කිරීමට ඉඩ සලස්වා තිබෙනවා... මෙම මාර්ගය ඉදිකිරීමට පෙර දෙරට අතර සියළුම ගමනාගමනයන් සිදු කෙරුණේ නැව් සහ බෝට්ටු මගිනි. ­­­­­­­­­­

No comments