Headlines

මිල අධික කළු ඇපල්..

ඔබ දන්නවාද ? 

ලෝකයේ ඇපල් වර්ග විශාල ප්‍රමාණයක් තිබෙන අතර ඒ සෑම වර්ගයක්ම පාහේ රතු, කොළ සහ කහ හෝ ඒ ආශ්‍රිත වර්ණයකින් යුත්ත වේ. නමුත් කළු වර්ණයට ආසන්න ඉතා තද දම් පැහැයෙන් යුත් ඇපල් වර්ගයක් තිබේ.


Black Diamond Apple 

ලෙස හදුන්වන මෙම ඇපල් විශේෂය ටිබෙට් කදු ආශ්‍රිතව පමණක් වැවෙන ඉතා දුර්ලභ විශේෂයක් වන අතර සාමාන්‍ය ඇපල් වලට වඩා රසයෙන්ද ඉතා ඉහළ වේ.

මේ ආකාරයට තද දම් පැහැති පොත්තක් ලැබීමට හේතු වී ඇත්තේ භුගෝලීය සාධකයි. 

දහවල් සහ රාත්‍රි කාලය සැළකිය යුතු උශ්ණත්ව වෙනසකින් යුක්ත වීම මෙන්ම හිරු එළියට සහ පාරජම්බුල කිරණ වලට විශාල ලෙස නිරාවරණය වීම Black Diamond Apple වලට මෙම සුවිශේෂි වර්ණය ලැබීමට හේතු වී තිබේ.

කෙසේ නමුත් මේවා වැවෙන්නේ ඉතා අඩු උශ්ණත්වයක් යටතේ බැවින් වර්ධන වේගය ඉතා අඩුය.

සාමාන්‍ය ඇපල් ගසකින් ඵලදාව ලැබීමට අවුරුදු 2- 5 ත් අතර කාලයක් ගත වුණත් මෙම ඇපල් වලට අවම වශයෙන් වසර 8 ක් වත් ගත වේ.

එයිනුත් වෙළෙදපොළට සැපයෙන්නේ 30%  ක් පමණ ප්‍රමාණයක්ය. එමනිසා Black Diamond Apple යනු ඉතා දුර්ලභ සහ අනෙක් ඇපල් වලට සාපේක්ෂව ඉතා මිල අධික පළතුරකි.


No comments