Headlines

ලෝකෙටම එපා කරපු හිට්ලර්ගේ යහපත් ගතිගුණ කිහිපයක්

හිට්ලර් කිව්වම අපි ඉගෙන ගෙන තියන විදිහට මතකෙට එන්නෙ මහා දරුණු චරිතයක් විදිහට. ඒකට හේතුව දෙවන ලෝක සංග්‍රාමය ඔහු නිසා ඇතිවූවක් නිසා. කෙසේ නමුත් පුදුමෙනුත් පුදුම කාරණාව වෙන්නෙ ඒ තරම් කුරිරු මනුස්සයෙක් වෙලත් ඔහු ළඟ ඉතාම යහපත් ගතිගුණ කිහිපයක් පැවතිලා තියෙනවා. මේ ලිපියෙන් ඔයාලට හිට්ලර්ගෙ හොඳ ගතිගුණ පිළිබඳව දැනගන්න පුළුවන්.

හිට්ලර්ගෙ හොඳ ගතිගුණ අතර පහත ඒවා ප්‍රධානයි. ඔහු නිර්මාංශ කෙනෙක්. ඒ වගේම දුම්වැටි විරෝධී පුද්ගලයෙක්. දුම්වැටි වලට විරෝධයි කියලා නිකන් ඉඳලත් නැහැ. ඔහු ඒ ගැන දැනුවත් කිරීමේ වැඩමුළු පවා පවත්වලා තිබෙනවා. සත්තුන්ටත්, ඒ වගේම පුංචි ළමයින්ටත් ආදරෙන් ඉඳල තියෙනවා.

ඇඩොල්ෆ් හිට්ලර්ගේ සිහිනය වුණේ ඔහුගේ පාලනය යටතේ පවතින ලෝකයක්. ඒ වගේම යුදෙව් ජාතිය සමඟ පැවති ඔහුගේ වෛරය හා විනාශකාරී යුධ කඳවුරු ඉතිහාසයේ ප්‍රකට කරුණක්. කෙසේවෙතත්, සියළු ඉතිහාසය කතා වල මහත් බිහිසුණු චරිතයක් වෙච්ච ඔහු පරස්පර විරෝධී ගුණාංග පැවති කෙනෙක් බව පහත දේවල් කියවීමෙන් ඔබටත් වැටහේවි.


හිට්ලර් නිර්මාංශ කෙනෙක්. ඒ වගේම බොහොම සෞඛ්‍යසම්පන්නයි.

හිට්ලර්, අහිංසක මිනිසුන් මිලියන ගණනකට මරණය ලබාදෙන්න අණ කරපු කුරිරු මිනිසා, කිසිම වරදක් නොකරන අහිංසක සත්තු මරණවට කැමති වෙලා නැහැ. ඒ නිසා ඔහු නිර්මාංශ වෙලා හිටියලු. ඉතිහාසඥයින්ට අනුව ඔහු මස් කෑම ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. ඔහු හොඳ දක්ෂ කෝකියෙක් විදිහට එළවළු කෑම සකස් කරනවලු. බිත්තර නම් කනවා කියලා තමයි සඳහන් වෙන්නෙ. රාජ්‍ය උත්සව අවස්ථා වලදිවත් මේ පුරුද්ද වෙනස් කරලා නැහැ. මුසලෝනි සමඟ දිනක් පැවති සාදයකදී එතැන සකස් කර තිබුණු රාජකීය කෑම මේසය ප්‍රතික්‍ෂේප කරමින් ඔහු වෙනුවෙන් වෙනම සකස් කරන ලද බැදපු බිත්තර සමඟ එළවළු ආහාරයට ගෙන තිබෙනවා.

හැබැයි ඉතින් ඔහුගේ හිතවතුන් නම් ඔහු ඉස්සරහ වෙජිටේරියන් අය වගේ රඟපාලා ගෙදර යද්දි මස් පිඟන් පිටින් ඔතාගෙන යනවලු. කෙසේ නමුත් ඔහු කෙදිනකවත් අනික් අයට නිර්මාංශ වෙන්න කියලා බල කරලා නැහැ. ඔහු අත තිබ්බේවත් නැති උනාට ඔහුගේ මිතුරන්ට  අවශ්‍ය නම්, මස් මාංශ, ඇල්කොහොල් ආදියෙන් අඩුවක් නැතුව සංග්‍රහ කරලා තියෙනවලු.

මද්‍යසාර පාවිච්චි කරන්නෙ නැහැලු.

ආයෙමත්, හිතාගන්නවත් බැරි පුදුම දෙයක්ඔහු ඉතාම ස්වයං පාලනයකින් කටයුතු කරපු කෙනෙක්. විශේෂයෙන්ම පොදු ස්ථාන වල මද්‍යසාර පානයට විරුද්ධ වෙලා තිබෙනවා. ඒත් සාදයක් පැවැත්වෙද්දි තමන්ගෙ හිත මිතුරන්ට අවශ්‍ය නම් ඔහු නොපැකිලව ඒවා සපයා තිබෙනවා. ඉතින් අනික් අය වයින් බියර් තොල ගාද්දි හිට්ලර්ගෙ අත දික් වෙන්නෙ ක්‍රීම් සහිත කේක් සහ චොක්ලට් දෙසට. ඒ වගේම ඔහු වැඩියෙන් ප්‍රිය කරලා තියෙන්නෙ චොක්ලට් සහිත පානයක් හෝ දොඩම් යුෂ පානය කරන්නයි.

දුම්පානයට විරුද්ධව කටයුතු කරපු කෙනෙක්.

හිට්ලර් දුම් පානය කරන්නෙත් නැහැලු. හැබැයි ඒ වගේම සිගරට් දුමක්වත් වදිනවට කැමති වෙලා නැහැ. Edward Deuss පවසන ආකාරයට ඔහු ඉන්න කැමති කාමරයක් තියෙනවම් ඒකෙ කවුරුත්ම සිගරට් බොන්න බැහැ.  ඔන්න ඉතින් හිට්ලර් ලොකු රැස්වීමක් තියලා ඉන්නකොට කවුරුහරි කෙනෙක් නැගිටලා යනවා පැයෙන් පැයට වගේ වැසිකිලියට යන්න ඕනෙ වගේ බොරුවක් කියලා. ඒ යන්නෙ මොකේටවත් නෙවෙයි සිගරට් එකක් බොන්න. එහෙම අවස්ථාවක ඔහු ඒ බව දැනගෙන වහාම ඒ කෙනාව සේවයෙන් පහ කරලා එළවලා දාලා තිබෙනවා.

එතනින් නැවතිලා නැහැ. ඔහු පෙරමුණ අරගෙන දුම්වැටි විරෝධී ව්‍යාපාර රැසක් දියත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම දුම්වැටි භාවිතයේ ඇති ආදීනව ගැන සඳහන් කරමින් බැනර් ප්‍රදර්ශනය, දේශන පැවැත්වීම සිදු කර තිබෙනවා.

හිට්ලර් සත්තුන්ට ආදරෙයි

සමහර කෙනෙක් කියනවා හිට්ලර් වෙජිටේරියන් කෙනෙක් උනේ ඔහු සත්තුන්ට බෙහෙවින් අදාරය කරපු නිසා කියලා. ඇත්තටම, ඔහුගේ අමානුෂීය රෙජීමය තුළ සත්තු බොහොම සතුටින් හිටියා. ඔහු මිනිසුන් වෙනුවෙන් වෛද්‍ය පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනීම තහනම් කලා. ඒ වගේම නාසි හමුදාව හැඳින්වූයේ සතුන්ගේ මිතුරන්ලෙසයි.  හිට්ලර් කුරුල්ලො නරඹන්න ආසයි. තමන්ගෙ බල්ලට ගොඩක් ආදරෙයි වගේම ඌ එක්ක සෙල්ලම් කරනවා, විනෝද වෙනවා. ඔහුගේ වැඩිම කාලයක් පෞද්ගලික ලේකම් වෙලා හිටපු Traudl Junge තම මතකය අවදි කරන්නේ හිට්ලර් තමන්ගෙ බල්ලත් එක්ක හැමදාම ඇවිදින්න යනවලු. ඒ වගේම හැමදාම හිට්ලර් ගෙදරට එද්දි බල්ලා ඇවිත් ඔහුගේ උරහිසටම පනිනවලු.


හිට්ලර් ළමයින්ටත් ආදරෙයි

හිට්ලර් කොච්චර නපුරු කෙනෙක් විදිහට ඉතිහාසයේ හැඳින්වූවත් ඔහු දරුවන්ට බොහෝම ආදරේ කළ කෙනෙක්. මේ ඡායාරූප වල ඔහු කුඩා බිළිඳුන් වඩා ගන්නා අයුරු සහ කුඩා ළමුන් සමඟ සතුටු වෙන අයුරු අපිට දකින්න පුළුවන්.

ඉතින් මේ අනුව අපිට හිතන්න පුළුවන් දෙයක් තමයි කොච්චර නපුරු මනුස්සයෙක් තුළ උනත් බොහොම යහපත් ගතිගුණ තියෙන්න පුළුවන් කියන කාරණාව. එහෙම තියෙන යහපත් ගතිගුණ ඉස්මතු කරගෙන ලෝකයට වැඩදායක පුද්ගලයෙක් කරගන්න හැමෝම උත්සාහ කරන්න ඕනෙ.

 

No comments