Headlines

පකිස්තානයේදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයාගේ දේහයේ අවශේෂ අද දිවයිනට


පකිස්තානයේ සියල්කොට්හිදී ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ ප්‍රියන්ත කුමාරගේ දේහයේ අවශේෂ අද දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. ඒ, රජයේ වියදමින්. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගින් ගෙන ඒමට නියමිත එම දේහයේ අවශේෂ ඔහුගේ පවුලේ ළඟම ඥාතීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාරගැනීමට නියමිතයි.

අනතුරුව එම දේහයේ අවශේෂ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව රෝහල වෙත භාරදීමට නියමිත බවයි විදේශ සේවා නියුකිත් කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය සඳහන් කළේ.

පකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 124 දෙනාගෙන් 13 දෙනෙකු ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. එම සැකකරුවන් 13 දෙනා අද ගුජරන්වාලා ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


No comments