Headlines

WhatsApp වෙනුවට භාවිතා කලහැකි හොදම ආදේශක

 

WhatsApp වෙනුවට භාවිතා කලහැකි හොදම ආදේශක

Facebook සමාගම සතු WhatsApp යෙදුම ලොව වැඩිම පිරිසක් භාවිතාකරන පණිවිඩ යෙදුම වේ.නිරතුරුවම නව යාවත්කාලීන කිරීම් පරිශීලකයන්ට ලබාදෙන WhatsApp සදහා ශ්‍රී ලංකාව වැනි පරිගණක ශාක්ෂරතාව අඩු රටවල්වල ඉහල ඉල්ලුමක් පවතී.මෙයට සැබෑ හේතුව වී ඇත්තේ Privacy ගැන අඩු සැලකිල්ලක් දැක්වීමයි.එහෙත් ලොව සෑම පුද්ගලයෙක්ම එසේ නොවේ Privacy ගැන විශාල සැලකිල්ලක් දක්වන පුද්ගලයෙකු හට මෙම ආදේශක සමග පණිවිඩ යැවිය හැකිය.ඔබ ප‌ෞද්ගලිකත්වයේ වටිනාකම තේරුම්ගත් දිනයක මෙම යෙදුම් ඔබට වැදගත් වනු ඇත.

Telegram

WhatsApp සදහා ආදේශකල හැකි හොදම ආදේශකය Telegram ලෙස හැදින්වීමට බොහෝ දෙනෙකු නොපැකිලෙයි. WhatsApp භාවිතය අතහැර පරිශීලකයින් දහස්ගණක් Telegram වටා එක්වෙයි.රාජ්‍ය බුද්ධි අංශවලට පවා ඇතුල්වීමට නොදෙන පරිශීලක දත්ත ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය මෙයට ප්‍රධාන හේතුවයි. 100,000 ක් දක්වා වූ  කණ්ඩායම්, පොදු නාලිකා, පරිශීලක නාම, 1.5 GB දක්වා ගොනු හුවමාරු කිරීමේ හැකියාව Telegram නොමිලේ ලබාදේ. එමෙන්ම WhatsApp මෙන් නොව Telegram එකවර උපාංග කිහිපයක පහසුවෙන් භාවිතා කල හැකිය.ඇන්ඩ්‍රොයිඩ්, iOS, වින්ඩෝස් දුරකථන, වින්ඩෝස්, මැක්, ලිනක්ස්, වෙබ් යෙදුම් වල භාවිතා කල හැකිය.

Signal Private Messenger

WhatsApp සහ Messenger හි භාවිතාවන End - End encryption තාක්ෂණය ලබාදෙන Signal Foundation විසින් ඉදිරිපත් කරන ඔවුන්ගේම යෙදුමක් වන Signal , Whatsapp සමග සසඳන විට ආරක්ෂක ප්‍රතිලාභ ගණනාවක් ඔබට ලබාදේ. self-destructing messages, screen security සහ තවත් පහසුකම් රැසක් සපයයි.මාධ්‍යවේදීන් අතර ජනප්‍රිය යෙදුමක් ලෙස Signal හැදින්වේ.

Bridgefy

Whatsapp යෙදුම භාවිතය සදහා ඔබට අන්තර්ජාලය අනිවාර්යයෙන් අවශ්‍යය.ඔබ වනාන්තරයක කදවුරු බැද සිටින්නේ නම් ඔබට SMS පහසුකම පවා අහිමිවී යනු ඇත. එවැනි අවස්ථාවකදී Bridgefy යෙදුම අත්‍යාවශ්‍ය වේ. Bluetooth සහ wifi මගින් ජාලයක් ගොඩ නැගීමේ හැකියාව මෙම යෙදුමට පවතී. එමගින් අවට සිටින ඔබේ මිතුරන්ට පහසුවෙන් පණිවිඩ යැවිය හැකිය. Chat සහ Broadcast ලෙස ආකාර දෙකක් පවතී එකවර කණ්ඩායමකට හෝ පුද්ගයයෙකුට පණිවිඩ යැවීම සිදුකල හැකිය.

KIK

Kik යනු අංකය භාවිතා කරමින් පණිවිඩ යැවීමට අකමැති පුද්ගලයින් සදහා භාවිතා කල හැකි යෙදුමකි.Email මගින් පිවිසිය හැකි මෙම යෙදුම text messages, emojis, stickers, Gifs, photo sharing, video sharing සහ Group සදහා සහය දක්වයි.Bot සදහා සහය දක්වන බැවින් ඔබට පුවත්, play quizzes,  fashion tips සේවාවන් Bot මගින් ලබාගත හැක.

Keybase

මෙය විවෘත කේත යෙදුමකි.ඒ නිසා මේ පිටුපස සමාගමක් නොමැත.එමෙන්ම ආරම්භයේ සිට අවසානය දක්වාම කේතනය කර ඇති නිසා සුපිරි ආරක්ෂාවක් පණිවිඩ සදහා ලබාදේ.මෙය ව්‍යාපාර සදහා සහය නොදක්වන අතර Slack ලෙස ක්‍රියාත්මක වේ.මෙම යෙදුම භාවිතා කිරීමට ඔබට දුරකතඅංකය හෝ Email අවශ්‍ය නැත.එමෙන්ම මෙය දුරකතන සදහා පමණක් නොව ඔනෑම පරිගණකයක් සදහා සහය දක්වයි.

Threema

Threema යනු seriously secure යෙදුමකි.හවුලේ ලිපිගොනු හුවමාරු කිරීමේ හැකියාව ඇතත් Voice සහ Video ඇමතුම් සදහා සහය නොදක්වයි. නමුත් ආරම්භයේ සිට අවසානය දක්වාම උසස් ගුප්තකේතනයක් ලබාදේ.Threema විවෘත මූලාශ්‍ර යෙදුමක් උවත් විනිවිද පෙනෙන රහස්‍යතා ප්‍රතිපත්තියක් ඔවුන් සතුය.Whatsapp වලට සමාන අතුරු මුහුණතක් ලබාදේ . නිර්ණාමිකව උවත් භාවිතාකල හැකිය.

Line

ඔබට ආරක්ෂිතව භාවිතාකල හැකි WhatsApp සදහා හොදම සහ ජනප්‍රියම යෙදුමකි.එමෙන්ම දැවැන්ත විශ‌ේෂාංග එකතුවකින් සමන්විත යෙදුමකි.ගුප්තකේතනය මගින් voice සහ video ඇමතුම් ලබා ගැනීම හා Line ජාලයෙන් පිටත පරිශීකයින්ට ජාත්‍යන්තර ඇමතුම් ලබා ගැනීමේ හැකියාව පවතී. passcode lock, filter messages සහ Line PAY සේවාවන් ලබාගත හැකි line යනු Whatsapp යෙදුමට වඩා ඉහල පහසුුුුකම් ඇති යෙදුමකි."

අන්තර්ජාලය ඇසුරෙන් 

No comments