Today Special- චිකන් ෆ්‍රයිඩ් රයිස්
චිකන් ෆ්‍රයිඩ් රයිස්
ෆ්‍රයිඩ් රයිස් කිව්වම ගොඩක් ක්‍රම වලට හදන්න පුලුවන්..විවිධ රස වලට.. මේ තියෙන්නෙ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් හදා ගන්නා හැටියි.
අවශ්‍ය ද්‍රව්‍ය
බාස්මතී / කීරි සම්බා සහල් 500g
කුකුල් මස් 200g ( තම්බා සිහින්ව ඉරා ගන්න)
සිහින්ව කපා ගත් ළූණු කොල/ ලීක්ස් 100g
සිහින්ව කපා ගත් කැරට් 100g
තලා ගත් ඉඟුරු සුදුළුෑණු පේස්ට් තේ හැඳි 01
රම්පෙ කරපිංචා
චොප් කර ගත් ලොකු ළුෑණු ස්වල්පයක්
සෝයා සෝස්
තෙල් ස්වල්පයක්(සෙස්මි ඔයිල් නම් වඩාත් හොඳයි)
සුප් කැටයක් හෝ චිකන් ස්ටොක් පවුඩර් තේ හැඳි 01
බිත්තර දෙකක්
රස අනුව ලුනු කුඩු, ගම්මිරිස් කුඩු
සාදන ක්‍රමය
මුලින්ම බත පිස ගෙන නිවෙන්න තියන්න.. බත පිසින විට තෙල් ස්වල්පයක් එකතු කරන්න අමතක කරන්න එපා.. බාස්මතී වලින් බත පිසිනවා නම් තල තෙල් ස්වල්පයක් එකතු කරන්න.. එතකොට ලස්සන ෂයින් එකක් එනවා.
දැන් පෑන් එකක් ලිපේ තියලා තෙල් ටික දාලා රත් වෙන විට ඉඟුරු, සුදුළුෑණු, රම්පෙ කරපිංචා සහ චොප් කර ගත් ළුෑණු ටික බැදෙන්න හරින්න.. හොඳ සුවඳක් එක්ක ඒවා බැදෙන විට තම්බා සිහින්ව ඉරා ගත් කුකුල් මස් ටික එකතු කරන්න.. මස් ටික බැදුනු පසු බිත්තර දෙක එකතු කරලා හොඳින් කලවම් කරන්න. (ඔම්ලට් නොවෙන විදියට..) ඊට පසුව සිහින්ව කපා ගත් කැරට් ටික එකතු කරලා සුප් කැටය කුඩු කරලා දාන්න.. තියෙනවා නම් සුප් කැට වෙනුවට චිකන් ස්ටොක් පවුඩර් එකතු කර ගන්න. එයටම බත් ටික එකතු කරලා සෝයා සෝස් ටිකක් එකතු කරලා ලිපේ දැල්ල ටිකක් වැඩි කර පෑන් එකේ මිටෙන් අල්ලා හොඳින් බත් ටික ෆ්‍රයි වෙනකම් (කඩේ වගේ සොලවමින්) මික්ස් කර ගන්න.. බාස්මතී බත් ගන්නවා නම් හැන්ද භාවිතය අවම කරන්න.. හොඳටම නිවුන බත් ගන්න නැත්නම් බත් ඇට ටික කැඩිලා ලස්සන නැතුව යනවා.. බත් ටික ෆ්‍රයි වෙන විට බත් ඇට පුපුරන සද්දෙ ඇහෙනවා.. එවිට කපා ගත් ලීක්ස් හෝ ළුෑණු කොල එකතු කර රස අනුව ලුණු බලා ලිපෙන් බා ගන්න.
උපුටාගැනීම අන්තර්ජාලයෙන්
No comments