මායාකාරයන්ගේ අත්භූත වනය
ට්රාන්සිල්වෙනිය හි බර්මියුඩා ත්‍රිකෝණය යන නාමයෙන් හඳුන්වන මෙම වනය ගැන ඔබ මීට පෙර අසා නැතිව ඇති. විශේෂත්වය මෙම වනය වෙනත් මානයන්ගෙන් යුක්තයි. වසර ගණනක් තිස්සේ මිනිසුන් අතුරුදන් වෙන අත්භූත වනයක් එම නිසා මෙම වනය තහනම් කලාපයක් බවටයි පත්කර තියෙන්නේ. සමහර මිනිසුන් උපද්‍රවයක් නැතිව ආපසු පැමිණි අවස්ථා තියෙනවා ඒ උනාට ඔවුනට හඳුනා නොගත් චර්ම රෝග හටගෙන තියෙනවා ඒවා බොහෝ කාලයක් සුව නොවී තිබෙන බවයි වාර්තා වෙන්නේ. UFO එහෙමත් නැත්නම් හඳුනා නොගත් වස්තුන්, තවත් විදිහකට කිව්වොත් පිටසක්වලින් පැමිණෙන යාන යයි සැලකෙන ආකාශ වස්තුන් මෙම වනයට ඉහල අහසේ සැරිසරන බව පැවසෙනවා
කිසිදින පැහැදිලි කිරීමකට ලක් නොවූ සිදුවීම් මෙහි වාර්තා වෙලා තියෙනවා උදාහරණයක්; එක්තරා ගැහැණු දරුවෙක් මෙම වනයේදී අතුරුදන්ව තිබෙනවා ඉන්පසු කිසිවෙකු ඇය දැක තිබුනේ නැහැ. නමුත් වසර පහකට පසුව ය වසර පහකට පෙර අතුරුදන් වන අවස්ථාවේ හැඳ සිටි අඳුම් සහිතවම නැවත පැමිණ තිබෙනවා. එහි වෘක්ෂලතාදිය තරමක් අමුතුයි, ගස් කඳන් කෙනෙකුගේ මුහුණේ ලක්ෂණ විදහා දක්වන අතර අප්‍රසන්න ආකාරයකින් වැඩෙයි
මිථ්‍යා ජනප්‍රවාද ගණනාවක මූලාශ්‍රය වන මායා කර්මය ද මෙහි සිදු කෙරෙන බව කියවෙනවා . පිළිස්සුණු සත්වයින්ගේ සම, ඇට කැඩී ගිය කුණු වූ මළ සිරුරු, අමුතු භූත සංකේත සමඟ දැවී ගිය අළු වැනි දේ සොයා ගැනීම අපහසු දෙයක් නොවේ.
තොරතුරු - අන්තර්ජාලයෙන්
ඡායාරුපය අන්තර්ජාලයෙන්
No comments