අතීතයෙන් ගත හැකි පාඩම්
ආදී මානවයා මෙන් මානසික තරංග වලින් ගනුදෙනු කරන්න ...
ඉස්සර දුරකථන තිබුණේ නැහැ නෙ...කොටින්ම මිනිස්සු ඩිජිටල්කරණය වෙලා තිබුණේ නැහැ ...ඒ නිසා මිනිසුන්ගෙ මනස හුගාක් නිදහස්ව තිබුනා ...පරිසරයත් විවිධ තරංග වලින් ,ශබ්ද වලින් අවුල් වෙලා තිබුණේ නැහැ ...ඒ නිසා ..එක් මිනිස් මොළයකින් නිකුත් වන සිතිවිලි තරංග තවත් මොළයකින් අහුලා ගන්න පුළුවන් උනා...ඒකට කියන්නෙ ටෙලිපති කියලා ..ඒනිසා මිනිසුන් අතර හොඳ අවබෝධයක් වැටහීමක් තිබුනා ..තාක්ෂණයෙන් දියුණු නැති උනත් මිනිස්සුන්ට ආධ්‍යාත්මිකව දියුණුවක් තිබුනා ඒ කාලෙඒ නිසා තමයි එදා මිනිස්සු අහස සිඹින දාගැබ් ..සාගර පරදින වැව් පණ පිහිටපු සෙල් පිළිම හැදුවෙ ඒ විශ්මිත නිර්මාණකරණයට අහලකටවත් ලංවෙන්න අද මිනිසුන්ට බැරි ඇයි?
යෝධ ඇලේ බැස්ම සැතපුමට අඟලක් බැගින් වෙන්න හදපු ඒ තාක්ෂණය අදත් නූතන ඉංජිනේරුවන්ට රහසක් දැවැන්ත කලු ගල් වලින් ...සුළඟට සෙලවෙන බුදු සිවුරේ රැළි පවා මතු වෙන අසිරිමත් නිර්මාණ කලේ කොහොමද කියලා අදටත් නූතන මූර්ති ශිල්පීන් පුදුම වෙනවා ඒ අපේ ආදී ශිෂ්ඨාචාරය ආදී ඊජිප්තු ශිෂ්ඨාචාරයේ ලෝක පුදුම ..මිසර පිරමිඩ වල තිබෙන තාක්ෂණය තුල අදත් මියගිය පාරාවෝ රජ වරුන්ගේ දේහ සුරක්ෂිතයි.
ඒ අභිමානවත් අතීතය තුල මිනිස්සු ගනුදෙනු කලේ මිනිස්සු එක්ක පමණක් නොවෙයි අද වනවිට ආදී මිනිසුන් මිහිමතට එපිටින් පිහිට් සමාන්තර ලෝක එක්ක ගනුදෙනු කල බවට සාක්ෂි මතු වෙනවා ඒ ගනුදෙනු සිදුවුනේ අද වගේ අභ්‍යවකාශ යානා වලින් ගිහින් නොවෙයි සියළු ගනුදෙනු සිදුවුනේ මානසික තරංග මඟින් මීට වසර 2600 ට පෙර අපේ ගෞතම බුදුන් වහන්සේ දිව්‍ය බ්‍රහ්ම ලෝක සමඟ අසිරිමත් මානසික ගනුදෙනු කලා...
අද අපි අපේ රැකවරණය පිණිස භාවිතා කරන බොහොමයක් පිරිත් සූත්‍ර දේශනා වලට හේතු උනේ සමාන්තර තල වල ඇත්තන් සමඟ වූ ධර්ම සාකච්ඡා මහා මංගල සූත්‍රය ආටානාටිය ..ධජග්ග සූත්‍රය ඉන් කිහිපයක් ..මිනිස්සු ආධ්‍යාත්මිකව පිරිහෙද්දි ...මානසික ශක්තීන් ගෙන් පිරිහෙද්දි ...මිනිසුන් හුදකලා උනා...තමන්ගේ අතේ තියෙන ස්මාර්ට් ජංගම දුරකථන මගින් මිනිස්සු කරන්නෙත් මනසින් කතා කරන එක අද චැට් කියලා සිදුකෙරෙන කතා බහත් එක්තරා මානසිකව සිදු වෙන කතාබහක් හිතට නැගෙන දේ ඇඟිලි තුඩින් ලියද්දි ජංගම දුරකථන තිරයක් මත තව තැනක කෙනෙක් ඒ සිතිවිලි කියවනවා.මේ දැන් ඔබ කරන්නෙත් ඒක..ඔබ මගේ සිතිවිලි කියවමින් ඉන්නෙ ...ඒත් මේ කුඩා උපකරණය නැතිනම් අපි අසරණයි ...ඒ වගේම ඕනෑම කෙනෙක් වපුරන ඕනෑම අපුල සිතිවිල්ලක් මේ තිරයෙන් අප කරා එනවා...අපිට තෝරා බේරා ගැනීමක් කරන්න අපහසු තරම් දේ අප වෙත එනවා...නමුත් අද අපි වගේ එදා දියුණු මානසික ශක්තීන් තිබූ එදා මිනිස්සු අසරණ උනේ නැහැ ...අපිටත් ඒ විශ්ව ඥාණය ලබා ගන්නට...ඒවා ජීවිතයට යොදාගන්නට අපිටත් පුළුවන් ...ඒකට ආයෙත් අපේ මනස පුහුණු කරන්න කාලය ඇවිත්.
මුල් නිර්මාණකරුට ප්‍රණාමය
Image from -Unsplash
No comments