Headlines

ඖෂධීය ගුණ සහිත දේශීය ආහර

 

ඕනෑම උණ රෝගයකට

අප සාමාන්‍යයෙන් භාවිතා කරන සහල්වලින් සාදාගන්නා ලද ලුණු කැඳ වලින් උණ බැසීමක් සිදු නොවන අතර, දේශීය සහල් යොදා සාදන ලුණු කැඳවලට උණ බැස්සවීමේ මහඟු බලයක් ඇත. ලුණු කැඳ සෑදීම සඳහාද නියමිත ක්‍රමවේදයක් ඇති අතර මේ සඳහා දේශීය සහල් ලෙස කළුහීනටි, මඩතවාළු වැනි දේශීය සහල් භාවිත කළ යුතුය. මෙහිදී එකතු කරගන්නා ද්‍රව්‍යයන්ද වෙනස්වන අතර මෙම කැඳ එක සාදාගැනීම සඳහා දේශීය සහල් වර්ගයක්, රතු ලූනු ගෙඩි 06 ක්, සුදු ලූනු බික් 10 ක් හා ගම්මිරිස් ඇට 06 ක් අවශ්‍ය වේ.මෙහිදී සුදු ලූනු තලා කැඳවලට එකතු කරගත යුතු අතර එසේ එකතු කරගත යුත්තේ පොතු ද සමඟය. එය කැඳ සෑදීමේදී මතක තබාගත යුතු වැදගත්ම කාරණයයි. රතු ලූනු තලා එකතු කරනු ලැබේ. ලුණු දමන්නේ මෙහි අවසානයටයි. ලුණු වැඩිපුර දමා වතුර කෝප්ප 05 ක් දැමීමෙන් මෙම කැඳ එක සකසා ගත හැකිය. මේ ආකාරයට කැඳ සාදා පානය කළහොත් උණ බැසීම අනිවාර්යයෙන්ම සිදුවේ. මෙය ඩෙංගු ඇතුළු ඕනෑම උණ රෝගයකට ඉතා සුදුසුය.

අක්මා රෝගීන්ට හීනටි හාලේ කැඳ…අක්මා රෝගීන්ට කැඳ වඩාත් සුදුසු ආහාරයක් වන අතර ඒ සඳහා දේශීය සහලක් වන හීනටි සහල් වඩා යෝග්‍යය. අක්මා රෝග ඇතුළු තවත් රෝග කිහිපයකටම මෙම හීනටි සහලට කෝන් කොළ හා මුංඇට යෙදීමෙන් කැඳ පිළියෙළ කරගත හැකිය. හීන්බෝවිටියා, හීනටි සහල් හා කිතුල් පැණි යොදා ගනිමින්ද කැඳ පිළියෙළ කරගත හැකිය.එසේම දියවැඩියා රෝගීන් සඳහා වෛද්‍ය නිර්දේශය වන්නේ කුරුළුතුඩ, මඩතවාලු වැනි සහල් වර්ගයි. මෙහිදී ප්‍රධාන වශයෙන්ම එය බත් ලෙස ආහාරයට ගත යුතු අතර බත්වල ගුණය නියමාකාරයෙන් රැඳෙන්නට නම් බත් සමඟ ආහාරයට ගන්නා එළවළු වර්ගද පෝෂණීය ඒවා විය යුතුය.

දියවැඩියා රෝගියකුට දේශීය සහලෙන් සමබර ආහාර වේලක් කළු හීනටි සහලේ බත් ඇඹරැල්ලා ව්‍යාංජනයක් මුකුණුවැන්න හෝ ගොටුකොළ මැල්ලුමක් පතෝල හෝ වැටකොළු ව්‍යංජනයක් රාජාල, කුකුලල, ගෝනල වැනි දේශීය අල වර්ගයක් අර්තාපල් අගුණයි කුඩා දරුවන්ට බත් සමඟ අර්තාපල් පොඩිකර දීමට බොහොමයක් දෙමාපියන් හුරු වී සිටින අතර මෙය ඉතා නුසුදුසු ආහාරයකි. ප්‍රංශය නිජබිම කරගත් අර්තාපල් ශ්‍රී ලංකාව වැනි රටක වැවෙන විට ස්වභාවිකවම විෂ රසායනයන් නිෂ්පාදනය වන අතර අර්තාපල් වෙනුවට බතල, වට්ටක්කා වැනි ආහාරයක් කුරුළු තුඩ හෝ මඩතවාළු වැනි දේශීය සහලක් සමඟ මිශ්‍රකර ගුලිකර දරුවන්ට කැවීමෙන් දරැවන්ගේ මාංශ පේශි වර්ධනය වේ. ඇතැම් අර්තාපල්වල කොළ පැහැති කොටස් දක්නට ලැබෙන අතර එය අධික විෂ සහිත අවස්ථාවකි. එබැවින් කොළ පැහැයෙන් යුත් අර්තාපල් ආහාරයට ගැනීම බෙහෙවින්ම අහිතකරයි.

                                                                                                                                                                                                                                 උපුටාගැනීම අන්තර්ජාල ලිපියකින් 

ලිපියේ නිර්මාණකරුට ප්‍රණාමය

credit: Image Unsplash






No comments