සුන්දර ජපානය
ජපානයේ පිහිටීම
Image from SlidePlayer |
ජපානය ආසියා මහද්වීපයට අයත් ඉතා සුන්දර දිවයිනකි. පැහැදිලි ඍතු හතරක් සහිත ජපානය කාර්යබහුල ජීවන රටාවක් සහිත මිනිසුන් වාසය කරන අති රමණීය වූ දිවයිනකි. "හිරු නැගෙන රාජධානිය" ලෙස හඳුන්වනු ලබයි. ඒ ජපානය නැගෙනහිර පෙදෙසට වන්නට පිහිටා තිබෙන දූපතක් නිසාවෙනි. ජපානය පැසිෆික් සාගරයේ ආසියානු මහද්වීපයේ නැගෙනහිරට වන්නට පිහිටා තිබෙන දූපතකි. කුඩා දූපත් හාරදහසක් පමණ ඇති අතර ප්‍රධාන දූපත් හතර ලෙස "හොක්කයිදෝ, හොන්ෂු, ෂිකොකු සහ ක්යූෂූ" හැඳින්විය හැකිය. ඔකිනව යනුවෙන් හඳුන්වන අනු කුඩා දූපතක්ද දක්නට ලැබේ. ජපානයේ වර්ගඵලය වර්ග කිලෝමීටර 370 000 පමණ වේ.
ජපානයේ දූපත්
Image from Altairposeidon |
ජපානයේ දූපත් හාරදහසකට වඩා තිබෙන නමුත් ප්‍රධාන වශයෙන් දූපත් හතරක් දක්නට ලැබේ.
- හොක්කයිදෝ
- හොන්ෂු
- ෂිකොකු
- ක්යූෂූ
ජපානය යනු භූ චලන සිළි සුළං වැනි ස්වභාවික විපත් අධික රටකි. 1923 වසරේදී කන්තෝ භූ චලනය හා 1995 වසරේදී ඇතිවූ හියොගොකෙන්කන්බු භූ චලනය මගින් දහස් ගණනක් මරණයට පත් විය. 2011 වසරේදි සිදු වූ භූ චලනය හා සුනාමිය ජපානය මුහුණ දුන් ව්‍යසන අතරින් බිහිසුනුම භූ චලනයක් වේ. නමුත් ජපන් ජාතිකයන් මෙම ස්වභාවික විපත් සියල්ලටම ඉතා සාර්ථකව මුහුණ දෙමින් ලෝකයම ජයගෙන තිබේ.
ෆුජි කන්ද
Image from Trip Savvy |
ජපන් ජාතිකයන්ගේ අනන්‍යතාවය විදහා දක්වන සලකුණක් ලෙස "ෆුජි කන්ද" දැක්විය හැකිය. එය අතීතයේ ඉතා දරුණු විපත් ගිනි කන්දක් වුවද වර්තමානය වන විට අක්‍රියව පවතී. නමුත් තවමත් ඉඳහිට ෆුජි කන්දෙන් දුම් වළා නිකුත් වේ. නමුත් මෑතකදී එමගින් කිසිදු අනතුරක් සිදුවී නොමැත. එය ඍතු හතරේදීම වෙනස් වෙමින් ඉතා සුන්දර දසුන් මවයි. සංචාරකයන්ගේ සිත් ඇද ගන්නා සුන්දර දසුන් මැවීමට ෆුජි කන්දට හැකිවී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ ෆුජි කන්ද දෙස කුමන දිශාවකින් බැලුවද එකම අයුරකින් දිස් වීමයි.
- වසන්ත කාලයේදී
- ගිම්හාන කාලයේදී
- සරත් කාලයේදී
- ශීත කාලයේදී
ජපානයේ අනන්‍යතාවය
Image from Buddhisttimes |
ජපානයේ ජාතික ධජය
ජපානයේ ජාතික ධජය වර්ණ දෙකකින් සමන්විත වේ. සුදු වර්ණය මත දක්නට ලැබෙන රතු පැහැති වර්ණය මගින් සූර්යයා සංකේතවත් කරයි. ජපන් ජාතිකයන් සූර්යයා දෙවියන් ලෙස අදහන බැවින් මෙලෙස සංකේතවත් කරනු ලැබේ.
ජපානයේ ජාතික පක්ෂියා
ජපානයේ ජාතික පක්ෂියා වන්නේ (Green Pheasant) කොළ පැහැති වළි කුකුළායි.
Image from Animals |
ජපානයේ ජාතික පුෂ්පය
Image from Unsplash |
ජපානයේ ජාතික පුෂ්පය වන්නේ සුන්දර සකුරා මලයි.
ඉදිරි ලිපි තුළින් ජපානය ගැන තවත් තතු දැනගනිමු.
උපුටාගැනීම අන්තර්ජාලයෙන්
No comments