Headlines

සඳ තරණය ව්‍යාජ පුවතක්ද

සඳ තරණයේ ව්‍යාජ පා සටහන් ..?චන්ද්‍ර පෘෂ්ඨයේ ඝන කට්ට රටා සහිත බූට් සලකුණු වලින් ඇති කල පා සටහන් සහිත සඳ තරණයේ ජායාරූප ඔබ දැක ඇති නමුත් පුදුමයට කරුණ නම් ඇපලෝ-11 මෙහෙයුමේ අභ්‍යවකාශ ඇදුමට එවැනි බූට් යුවලක් නොතිබීමයි ..! 

මේ ගැටලුව ඇති වුනේ නීල් ආම්ස්ට්‍රෝන්ගෙ අභ්‍යවකාශ ඇදුම හා උපාංග NASA හි ප්‍රදර්ශනයට තැබීමත් සමගයි . එහි ඇති බූට් යුවලේ ඝන කට්ට රටා නොතිබිණි , එසේ නම් සඳ මත ඇති කල සටහන් ව්‍යාජ ඒවා නොවේදැයි මිනිසුන් ප්‍රශ්න කරන්නට විය .මෙය දිගින් දිගටම මතභේදයට තුඩුදුන් නිසා නාසා ආයතනය මෙය පැහැදිලි කිරීමට ඉදිරිපත් විය . ඔවුන්ට අනුව ඇපලෝ මුල් ඇදුමට එවැනි ඝන බූට්ස් එකතු කර නැත, නමුත් චන්ද්‍රයා මත ගොඩ බැසීමේදි චන්ද්‍ර දුවිල්ලෙන් ඝර්ෂණයෙන් මෙන්ම විකිරණ වලින්ද අමතර ආරක්ෂාවක් ඇති කිරීමට ඔවුන් අමතර සපත්තු (over shoes) භාවිතා කර ඇත. 

පා සටහන් සලකුණු වී ඇත්තේ ඒවාගෙන්‍ ය.ගඟනගාමීන් නැවත පෘථිවියට පැමිණිමේදී හැකි තාක් යානයේ බර අඩු කරගත යුතුය යානයට පැමිණි පසු ඔවුන් බූට්ස්, ටීවී කොටස් වැනි බොහෝ දේ  සද මත අතහැර පැමිණි නිසා ආම්ස්ට්‍රෝන්ගෙ ඇදුම සමග බූට් යුවල තබන්නට නොහැකි වී ඇත ..

බස් ඕල්ඩ්‍රින් නැවත චන්ද්‍ර යානයට නගිද්දි සටහන් වූ ජායාරූපයක එම බූට්ස් යන්තමින් දැකගත හැකිය සඳ තරණය ව්‍යාජයක් කී තවත් තර්කයක් බිඳ වැටුණේ එසේය ...

No comments