කරදරකාරී මීයන්ගෙන් බේරෙන්න හොඳම විසඳුම්
1 - කපුරු බෝල
අපි බොහෝ වෙලාවට කපුරු බෝල භාවිතා කරන්නේ ඇඳුම්, කාවෝ කන එකෙන් වලක්වා ගන්න. ඒ වගේම මේ කපුරු සුවඳට මීයෝ පොඩක්වත් කැමති නැහැ. ඒ නිසා මීයන් ගැවසෙන ස්ථානවල කපුරු බෝල ඉටිකවර වල දාලා තියන්න. කුඩා දරුවන් ගැවසෙන ස්ථානවල තබන්න එපා. ටික කාලයකින් මේ කපුරු බෝල දියවෙලා යනවා, එතකොට ආපහු කපුරු බෝල තියන්න.
2 - ලූනු
මීයෝ අකමැති තවත් දෙයක් තමයි ලූනු . ඒ නිසා මීයෝ ගැවසෙන තැන්වල ලූනු පෙති කීපයක් කපලා තියලා බලන්නකෝ. මේක මීයන් එළවන්න පුළුවන් ස්වභාවික ක්රමයක්.
3. ගම්මිරිස්
ගම්මිරිස් කුඩුත් මීයෝ එළවන්න භාවිතා කරන්න පුළුවන්. මීයෝ ගෙවල් හදලා නියන තැන් බලලා ගම්මිරිස් කුඩු ටිකක් තියලා බලන්න.
4. දවුල් කුරුඳු
කුඩුදවුලා හෙවත් දවුල් කුරුදු වලින් කොළ ටිකක් මීයෝ එන තැන්වලින් තියන්න. ඒවා රස කෑමක් කියලා හිතලා මීයෝ ආහාරයට ගන්නවා. එත් මේ දවුල් කුරුඳු ආහාරයට ගැනීමෙන් මීයන් මරණයට පත්වෙනවා.
5 - පෙපර්මින්ට් තෙල්
පෙපර්මින්ට් තෙල්වල නියන මිහිරි සුවඳට මීයෝ කැමති නෑ. ඒ නිසා ඔබට කරන්න තියෙන්නේ පුළුන් බෝල හදලා පෙපර්මින්ට් තෙල්වල ගිල්වලා මීයෝ ගැවසෙන තැන්වලින් තියන්න.
6 - ඛේබි පවුඩර්
ඛේඛි පවිඩර් සුවඳත් මීයන්ට ඔරොත්තු දෙන්නේ නෑ. මීයන් ගෙවල් හදලා නියන නැන්වලට බේඛි පවුඩර් ටිකක් ඉහලා බලන්න.
කරදර කාරී මියන්ගෙන් ගැලවෙන මේ ක්රම ටික යාලුවෝ එක්කත් බෙදා ගත්තොත් හොඳයි නේද
ඡායාරුප අන්තර්ජාලයෙනි
BLUEPLANET-
No comments