Headlines

ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරයි


ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2021 අගෝස්තු 18 වන දින රැස්වීමක් පවත්වා  ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය(SDFR) සහ  ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් පිලිවෙලින් සියට 5.00 සහ සියට 6.00 දක්වා ඉහල නැංවීමට තීරණය කර ඇත.  එසේම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත ඇති සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාල ව්‍යවස්ථාපිත  අනුපාතය 2021 සැප්තැම්බර් 1 වන දා ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ  කාලපරිච්ඡේදයේ සිට බලපැවැත්වෙන පරිදි සියයට 4.00 දක්වා ප්‍රතිශතාංක 2.0කින් ඉහළ නැංවීමට ද ඔවුන් තීරණය කළේය. වැඩිදියුණු වුනු ආර්ථික වර්ධන අපේක්ෂා මධ්‍යයයේ, ආර්ථිකයේ විදේශීය අංශයේ අසමතුලිතතාවන්ට පිළියම් යෙදීමට සහ මැදි කාලීනව අධික උද්ධමන පීඩන ඇතිවීම වැළැක්වීම සඳහා මෙම තීරණය අරගෙන ඇති බව ඔවුන් ප්‍රකාශ කලේ ය.

No comments