අද කාලගුණය (17) පළාත් කිහිපයකට සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි
2022 මාර්තු මස 17 දින සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල කාලගුණ අනාවැකියට අනුව මධ්‍යම, දකුණ, බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල අහස තරමක් වලාකුළින් බරව පවතී.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දකුණු වෙරළබඩ ප්‍රදේශවල, උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං
වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම
දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
No comments