Headlines

අද කාලගුණය (16) දිවයිනේ ප්‍රදේශ රැසක අහස වලාකුළින් බරව පවතී

 


2022 මාර්තු මස 16 දින සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල කාලගුණ අනාවැකියට අනුව මධ්‍යම, දකුණ, බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතී.

ඌව පළාතේ වැසි ස්වල්පයක් ඇති වේ.

සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සවස 4.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.

No comments