Headlines

අද කාලගුණය (12) ඇතැම් ප්‍රදේශ වලට මිමි 100 ඉක්මවූ තද වැසි


2022 මාර්තු මස 12 දින සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උදේ කාලයේදී ද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.

මධ්‍යම, දකුණු , සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා 


No comments