Headlines

අද කාලගුණය (06) බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, පීඩන අවපාතයක් බවට දුර්වල වේ


2022 මාර්තු මස 06 දින සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල කාලගුණ  අනාවැකියට අනුව නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, පීඩන අවපාතයක් බවට දුර්වලවී මාර්තු මස 05 දින ප.ව 11.30 වන විට, ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය වෙරළට කි.මී. 320 ක් ඊසාන දෙසින් (11.5N, 82.4E) ස්ථානගතව පැවතුනි. මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුල නිරිත දෙසට, උතුරු තමිල්නාඩු වෙරළ වෙත ගමන් කරමින් ක්‍රමයෙන් අඩු පීඩන කලාපයක් බවට දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

උතුරු පළාතේ විටින් විට වැසි ඇතිවේ.

උතුරු-මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව සහ දකුණු පළාත් වලත් රත්නපුරය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත

උතුරු පළාතේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී 40 දක්වා වැඩි විය හැක. 

No comments