තරුණයින් තිදෙනෙක් මුහුදට බිලි
දුන්ගල්පිටිය කැපුන්ගොඩ නැංගූරම් තොටුපල වෙරළ තීරයේ ඊයේ (01) සවස දිය නාමින් සිටි තරුණයින් 05 දෙනෙකු රළ පහරට හසු වී ගසාගෙන ගොස් ඇත.
එහිදී එක් තරුණයෙකු දිය පහරට හසු වී
අතුරුදන් ව තිබේ.
පොලීසිය ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව
අනෙක් සිව්දෙනා බේරාගෙන ප්‍රතිකාර සඳහා මීගමුව රෝහල වෙත ඇතුළත් කර ඇත.
එහිදී දෙදෙනෙකු මිය ගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් සහ 23ක් වන පමුණුගම හා ඒකල ප්‍රදේශවල
පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙකි.
අනෙක් දෙදෙනා ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරු රෝහලෙන් පිටව ගොස් ඇත.
අවුරුදු 21ක්
වන අඹේවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි දියේ ගිලි අතුරුදන් වු අනෙක් තරුණයා සේවීමේ
කටයුතු මේවන දිටත් සිදුකරණ බව පොලීසිය පවසයි.
දුන්ගල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන
සිදු කරයි.
Post Comment
No comments