Headlines

ශ්වසන රෝග වලින් ඔබව සුරකින ප්‍රෝබයොටික් සංයෝගය


සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ ඇතිවීමේ අවදානම අඩු කිරීම සඳහා ප්‍රෝබයොටික් ඉතාමත් සුදුසු බව විද්‍යාඥයින් විසින් තහවුරු කර ඇත.

 
මේ වන විට සිදුකර ඇති අධ්‍යයනයන් වලට අනුව ප්‍රෝබයොටික් වලින් සෙම්ප්‍රතිශ්‍යාව, උණ මෙන්ම ශ්වසන පද්ධතියේ ආසාදන ඇතිවීමේ අවධානමද සැළකිය යුතු ලෙස අඩුකරන බව සොයා ගෙන තිබේ. එමෙන්ම එම රෝග තත්ත්වයන් වල ඇති අවධානම මෙන්ම සිරුරේ රෝගය රඳා පවතින කාල සීමාවද අවම කිරීමේ හැකියාවක් ප්‍රෝබයොටික් සතුව ඇත.
 
සීතල සහ උණ රෝග බහුලවම පැතිරීයන කාළයකදී ඕනෑම පුද්ගලයෙකුට අතිරේක ආහාර මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කළ හැකි නමුත්, සිරුරේ ඇතිවන බරපතළ සංකූලතා මගහරවා ගැනීමට අපේක්ෂා කරන වැඩිහිටි සහ ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයන්ට ප්‍රෝබයොටික් සිරුරට ප්‍රබල ආරක්ෂාවක් සපයයි.
 
මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට අවශ්‍ය බැක්ටීරියා වලින් 70% ක් පමණ බඩවැල්වල වාසය කරයි. ඒ අනුව ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය සඳහා බඩවැලෙහි සිටින බැක්ටීරීයා ඉතා වැදගත් වේ.

එයට අමතරව ශරිරයේ සෙසු කොටස් වලට වඩා, ප්‍රතිශක්තිකරණ පද්ධතියට අවශ්‍ය කරන ප්‍රතිදේහ සෛල වලින් වැඩි ප්‍රමාණයක් බඩවැලෙහි අඩංගු වේ. එහි ප්‍රථිපලයක් ලෙස ආහාර ජීර්ණ පද්ධතියෙන් ස්‍රාවය වන ශ්ලේෂ්මල සහ ලවණ වැනි තරලය සෞඛ්‍යයට හිතකර මෙන්ම මව්කිරි මෙන්ම පෝෂණ ගුණයෙන් යුක්ත වේ.
 
වයස්ගත පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල බැවින් බොහෝ වැඩිහිටියන් ජීවිතය බිළිගන්නා ආසාදනවලට ගොදුරු වේ.
 
දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතිවලට දියවැඩියාව, පිළිකා වැනි නිධන්ගත ප්‍රදාහයන් ඇති කළ හැක.
 
ප්‍රෝබයොටික්, ඔබේ බඩවැලෙහි සිටින හිතකර බැක්ටීරියාවල සමතුලිතතාවයට උපකාර වන අතර ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටද උපකාරී වේ. මෙම හිතකර බැක්ටීරියා, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෞඛ්‍යයමත් බව උත්තේජනය කරන අතර ආසාදිත ජීවින් සහ පිළිකා සොයාගන්නා හා විනාශ කරන සෛලවල ප්‍රමාණය වැඩි කරයි.
 
ප්‍රෝබයොටික් මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය සමතුලිත කර ශක්තිය වර්ධනය කරන අතර උණ, සීතල සහ අනෙකුත් ශ්වසන පද්ධතියේ ඇතිවන ආසාදන මැඩලීමටද ප්‍රෝබයොටික් ඉතා වැදගත් බව විද්‍යාඥයින් විසින් තහවුරු කර ඇත



No comments