Headlines

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් : දෙදෙනෙකු ජිවිතක්ෂයට

කොට්ටාව සිට මත්තල දෙසට දිවෙන දක්ෂිණ අධිවේගි මාර්ගයේ සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (22) අලුයම පාරටුව සහ කපූදූව අතර අන්තර් හුවමාරු අතර එම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මත්තල දෙසට ධාවනය වු ට්‍රක් රථයක් අපරික්ෂාකාරී ලෙස නතර කර ඇති අවස්ථාවක එම දෙසට ම ධාවනය වු බවුසර් රථයක් එහි ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් ට්‍රක් රථයේ ගමන් ගත් අවුරුදු 72ක කඩවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් එම ස්ථානයේ දීම මියගොස් තිබේ.

බවුසර් රථයේ රියදුරු වූ ගෝනවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 61ක පුද්ගලයෙක් ද මාතර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

බවුසර් රථයේ සහයකයා මේ වන විට බරපතළ තුවාල ලබා මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය පැවසුවේ.

No comments