Headlines

අමෙරිකාවේ ප්‍රාන්ත 48ක ඔමික්‍රෝන් ව්‍යාප්ත වෙයි

 

අමෙරිකාවෙන් වාර්තාවන ආසාදිතයින්ගෙන් සියයට 73ක්ම ඔමික්‍රොන් ආසාදිතයින් බව අමෙරිකානු වසංගත රෝග පාලන මධ්‍යස්ථානය පවසා තිබේ.

ඔවුන්ට අනුව දැන් එරට ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට පත්ව ඇත්තේ ඔමික්‍රොන් නව ප්‍රභේදය යි.

අමෙරිකාවේ ප්‍රාන්ත 48කින්ම ඔමික්‍රොන් ආසාදිතයින් වාර්තා වී තිබේ.

අමෙරිකාවේ ඔමික්‍රොන් ආසාදිත පළමු මරණය ද වාර්තා වී ඇත.

එම මරණය වාර්තාවුණේ ටෙක්සාස් ප්‍රාන්තයෙනි.

පවතින අවදානම යටතේ එන්නත් ලබානොගත් අමෙරිකානුවන් සම්බන්ධයෙන් දැඩිතීන්දුවක් ගැනීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සූදානමින් සිටී.

රට තුළ ආසාදිතයින් වාර්තාවීම හා රෝහල්ගතවීම වේගවත්වීම නිසා ජනාධිපතිවරයා එම තීන්දුවට පැමිණ ඇති බව ධවල මන්දිරය පවසයි.

මේ අතර කොවිඩ් ආසාදිත ධවල මන්දිර සේවකයෙකු සමඟ ජනාධිපති බයිඩ්න් සමීපව කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ජනාධිපතිවරයා PCR පරික්ෂාවකට ලක්ව ඇති අතර, එහිදී ඔහු ආසාදිත නොවන බවට හඳුනාගෙන තිබුණි.

No comments