Headlines

අද කාලගුණය (22) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක්


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2021 දෙසැම්බර් මස 22 දින සඳහා නිකුත්  කා ලගුණ අනාවැකියට අනුව  නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවේ.

රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

බස්නාහිර, සබරගමුවසහමධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අම දෙපාර්තමේන්තුව  ජනතාවගෙන් ඉල්ලා සිටිනවා 

No comments