ලෝකයේ ඉන්න පිරිසිදුම සතා ගැන ඔයාල දන්නවද?
ලෝකයේ ඉන්න පිරිසිදුම සතා ගැන ඔයාල දන්නවද?
ලොකු කුඩා කවුරුත් ටිකක් අකමැති සතෙක් තමයි කැරපොත්තා . ඒ ඇයි කියලා ඇහුවොත් සමහරු කැරපොත්තා දකිද්දීත් අප්පිරියයි . සමහරු බයයි . ඒ කැරපොත්තාගේ පෙනුම නිසා වෙන්නත් පුළුවන්. ඔයාලා කැරපොත්තා ගැන අහලා නැති දේවල් ටිකක් තමයි මේ තියෙන්නේ.
ලෝකයේ පැරණිම සතා තමයි කැරපොත්තා
අපිට දත් තිබුනට කැරපොත්තාට දත් නෑ .
කැරපොත්තා කියන්නේ අරුම පුදුම සතෙක් . මොකද දන්නවද ? මෙයාට පුළුවන් පවතින පරිසරයට හැඩ ගැහෙන්න . හිතන්නකෝ… න්‍යෂ්ටික යුද්ධයකින් පස්සේ උනත් වඳ වී නොයන එකම සත්ත්වයා තමයි කැරපොත්තා.
සහරා කාන්තාරයේ ගිනි අව්වේ මෙයාල ඉන්නවා . ශීතකරණයේ වුනත් මෙයාල ඉන්නවා .
කැරපොත්තාට ජිවත් වෙන්න ආලෝකය ඕන වෙන්නෙත් නෑ . අඳුරු අහුමුලවල කැරපොත්තා ජිවත් වෙනවා .
දන්නවද ? කැරපොත්තාට පුළුවන් විසිපස්වාතාවක් විතර ගමන් කරන දිශාව වෙනස් කරන්න .
පැයකදී සැතපුම් 8 ක වේගයෙන් දුවන්න පුළුවන් මෙයාලට .
ඒ වගේම ඔයාලට හිත ගන්න බැරි වෙයි . කැරපොත්තාගේ එක කකුලක් හරි කැඩුනාත් අපහු සති තුනකින් කකුල එනවා .
කැරපොත්තාට ඔලුව නැතුව සතියක් ඉන්න පුළුවන් . කෑම නැතුව මාසයක් ඉන්න පුළුවන් , වතුරත් නැතුව සතියක් වගේ කාලයක් ඉන්න පුළුවන් .
කැරපොත්තාට කන් නෑ . අර ඇන්ටනා වගේ තියෙන්නේ ( කෙඳි වගේ ) අන්න ඒ ඇන්ටනා වලින් තමයි මේගොල්ලෝ සන්න්නිවේදනය කරන්නේ .
ඔයාලා දැකල ඇති කැරපොත්තෝ පියඹනවා. ඒ වයසක කැරපොත්තෝ . අපි නම් වයසට ගියාම හැරමිටියෙන් යන්නේ . එයාලා පියඹනවා .
හොඳම දේ තමයි අපේ ඇඟේ කැරපොත්තෙක් ගෑ වුණාම අපි ඊයා ඊයා කියාගෙන කෑ ගැහුවට එය ගිහින් පිහිදගන්නවා . ඒ තරමටම කැරපොත්තා පිරිසිදුයි .
පෙනවනේද අපි දකින දේ නෙවෙයි ඇත්ත වෙන්නේ . අපි නොදන්න ගොඩාරියක් දේවල් තියෙනවා.
කැරපොත්තා වගේ තමයි අපිත් . මොකද අපි ලඟත් විශේෂ හැකියාවන් තියෙනවා .
අපිටම කියල සුවිශේෂී අනන්‍යතාවයක් අපි හැමෝගෙම ලග තියෙනවා . අන්න ඒක හොයාගන්න තමයි අපි උත්සහ කරන්න ඕනේ
උපුටාගැනීම අන්තර්ජාලයෙන්
ලිපියේ මුල් හිමිකරුට ප්‍රණාමය
No comments