Headlines

කෑ ගහන උමඟ


"කෑ ගහන උමඟ" කියන්නේ කැනඩාවේ ඔන්ටාරියෝහි නයගරා දිය ඇල්ලේ වයඹ දෙසින් පිහිටලා තියෙන ප්‍රමාණයෙන් කුඩා හුණු ගල් උමඟකටයි. 19 වැනි ශතවර්ෂයේ දී වගේ ඉදි වෙලා තියෙන මේ උමඟ කාළෙකට කලින් "ග්‍රෑන්ඩ් ට්‍රන්ක්" දුම්රිය මාර්ගයක් විදිහට පැවතුණු , දැන් කැනේඩියානු ජාතික දුම්රිය මාර්ගය යටිනුයි පිහිටලා තියෙන්නෙ.

මේ උමඟට කෑ ගහන උමඟ කියන්නේ එක්තරා ප්‍රවාදයක් නිසයි. සෑහෙන කාලෙකට කලින් මේ උමඟ ආසන්නයේ පිහිටලා තියෙන ගොවිපළක් ගිනි අරගෙන තියෙනවා. ඉතින් මේ ගින්නෙන් පිළිස්සුනු තරුණියක් තමන්ව ගිනි ගන්නා අතරේම වගේ මේ උමඟ දිහාට දුවල තියෙනවා. ඒ වෙත්දිත් සම්පූර්ණයෙන්ම වගේ ගිනි ජාලාවක් බවට පත් වෙලා ඉඳපු මෙයා උමඟේ මැදක් වෙනකන් දුවලා, උමඟ මැදදි තවත් දුවන්න බැරුව ඇද වැටිලා තියෙනවා. ඉන් පස්සේ සම්පූර්ණයෙන්ම ගින්නෙන් පිළිස්සිලා මිය යනවා. ඉතින් කතාවට කියන්නේ මේ තරුණිය උමඟ ඇතුලේ තමන්ගෙ අවසාන මොහොතේදී කරපු කෑ ගැහීම තාමත් මේ උමඟ ඇතුලෙදි අහන්න පුළුවන් කියලයි. මේක පුන්චි කෑ ගැහිල්ලක් කියල නම් හිතන්න එපා. පණ පිටින් පිළිස්සෙත්දි මොන වගේ වේදනාවකින් කෙනෙක් විලාප දෙයිද ? අන්න ඒ විලාපය මේ උමඟ තුලින් අහන්න පුළුවන් කියලයි කියවෙන්නේ. අදටත් ඔයා රාත්‍රී කාළෙදි මේ උමඟට ඇතුල් වෙලා ගිනි කූරක් දැල්වුවොත් ඔයාට මේ විලාපය අහන්න පුළුවන් බව වැඩි දුරටත් කියවෙනවා.

අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලදී 

ඡායාරුපය අන්තර්ජාලයෙන්

 

No comments