ලොව භයානකම ආයුධය.
එහෙම නම් මේ ආයුධය ඔහු අතින් බිහිවුණේ කොහොමද?
මේක ටෙස්ලා නිර්මාණය කලේ ආයුධයක් හැටියට නෙමෙයි. හිතන්නකො අපි පිහියෙන් කොච්චර ප්‍රයෝජන ගන්නවද? ඒත් ඒ පිහියෙන්ම මිනී මරන්නත් පුළුවන්නෙ. මේකත් ඒ වගේ වැඩක්.
පෘථිවි පෘෂ්ඨයේ ඉඳල 80km 85 km වගේ ඉහළින් වායුගෝලය එහෙම පහු කරගෙන යද්දි තියෙනවා අයනගෝලය (Ionosphere) කියල එකක්. අපි යවන ගුවන්විදුලි සංඥා ඔක්කොම කණ්නාඩියක් වගේ මේ අයනගෝලයේ පරාවර්තනය වෙලා තමයි අනෙක් පැත්තට ලැබෙන්න. හරියට බිත්තියකට ගහපු බෝලයක් බම්ප් වෙලා එනව වගේ. ටෙස්ලාට ඕන වුණා මේ අයනගෝලය තව පොඩ්ඩක් පෘථිවියෙන් දුරස් කරන්න. මොකද එතකොට දැන් තරංගයක් යවන්න පුළුවන් උපරිම දුරට වඩා වැඩි දුරකට තරංගයක් යැවීමේ හැකියාව ලැබෙන නිසා. පහත රූපය බලලම ඒ කියපු කතාව තේරුම්ගන්නකො. ඕක කරන්න තමයි HAARP එක පාවිච්චි කරන්නෙ. HAARP කියන්නෙ අක්කර ගණනක් පුරාවට ශ්‍රේණිගත සහ සමාන්තරගත විශාල ඇන්ටනා සිය ගණනක් array එකක් හැටියට සකස් කරපු ඇටවුමක්. ඔය ඇන්ටනා වලින් වෝල්ට් ලක්ෂ ගණනක විද්‍යුත් කම්පනයක් එකවර අයනගෝලය දෙසට එල්ල කරනවා. එතකොට තමයි අයනගෝලය ටිකක් පස්සට යන්නෙ.
ඉතින් කොහොමද ඕක ආයුධයක් වෙන්නෙ??
මෙහෙමයි වැඩේ. අයනගෝලය හැදිල තියෙන්නෙ ධන ආරෝපිත අංශු වලින්. සූර්ය සුළං වගේ සංසිද්ධි වලදි සූර්යයාගේ ඉඳල එනවා ධන ආරෝපිත ඇල්ෆා අංශු. මේ අංශු අතිශය භයානකයි. මේ අංශුවක් පොළොවට වැදුනොත් ඒ තැන ඔක්සිකරණය වෙන්න පටන්ගන්නවා. මිනිස්සු සත්තු ගස් හැමදේම ටික කාලයකින් ඉවරයි. ඒත් නතර වෙන්නෙ නෑ. පොළොවත් ඔක්සිකරණය කරලයි මේ අංශු නතර වෙන්නෙ. අපේ අයනගෝලය තමයි මේ අංශු වලින් අපිව බේරගන්නෙ. අයනගෝලයත් ධන ආරෝපිත නිසා එයාට පුළුවන් මේ සූර්ය අංශු ලස්සනට විකර්ෂණය කරල අපි හැමෝම බේරගන්න. අතීතයේදි අඟහරුගෙ හැකිලීම නිසා එහි ඇතුලත තිබුණ ද්‍රව ලෝහ හරය ඝන බවට පත්වුණා. ඒකෙන් වුණේ අඟහරු තුල චුම්භක ස්‍රාව ඡේදනය නතර වීම. ඊට පස්සෙ අඟහරුගෙ චුම්භක ක්ෂේත්රය දුර්වල වෙන්න ගත්තා. ඒකෙ අවසාන ප්‍රතිඵලය වුණේ අඟහරුගෙ අයනගෝලය අතුරුදන් වීම. අන්තිමට අර අහිතකර ධන ආරෝපිත සූර්ය අංශු කෙලින්ම ඇවිත් මුළු අඟහරු පෘෂ්ඨයම ඔක්සිකරණය වෙන්න ගත්තා. අඟහරු පස් වල තිබ්බ යකඩ ටික පවා ඔක්සිකරණය වෙලා මළකඩ බවට පත්වුණා! අද අපිට අඟහරු තනිකරම මළකඩ පාටින් පෙනෙන්නෙ ඔය හේතුව නිසයි. ඉතින් අපේ අයනගෝලයට ඔබත් මමත් අපි හැමෝමත් තවමත් කොළ පාටින් බබලන අපේ සුන්දර ලෝකයත් කොච්චර ණයගැතිද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ?
HAARP එකෙ පාවිච්චි කරල පුළුවන් ලෝකෙ අපිට ඕන කොහෙහරි තැනක අයනගෝලය දරන්න පුළුවන් ප්‍රමාණයට වඩා ඈත් කරලා සිදුරක් හදන්න. එතකොට සතුරු රටකට ඉහළින් මේ සිදුර ඇතිකරොත් ඒ තුලින් සූර්යයා සිට පැමිණෙන ධන ආරෝපිත අංශු ගැටිලා ඒ මුළු රටම ටික කාලයකින් ජීවයක් තිබුණද කියල වත් හොයන්න බැරි තරමට දූවිලි සහ මළකඩ ගොඩක් බවට පත්වෙයි.
ටෙස්ලාට තේරුණා තමන් මේ මිනිසුන්ගෙ සුභසෙත වෙනුවෙන් හදපු නිර්මාණය දවසක ආයුධයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් බව. ඒ නිසා ඔහු මේ තොරතුරු කිසිවක් ප්‍රසිද්ධ කරේ නැහැ. නිකොලා ටෙස්ලාගෙ අභාවයෙන් පස්සෙ ටෙස්ලාගෙ සියළුම සටහන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමරිකානු FBI ආයතනය මගින් අත්අඩංගුවට ගැණුනා. ඔවුන්ට අවශ්‍ය වුණේ ටෙස්ලාගේ සටහන් භාවිතා කරලා දෙවන ලෝක යුද්ධයට ආයුධ හදන්න. නමුත් දශක ගණනක් යනතුරුත් ඒ සටහන් තේරුම්ගන්න තරම් වත් බුද්ධිමත් විද්‍යාඥයන් ඇමරිකාව සතු වුණේ නෑ. වරක් ටයිම්ස් සඟරාවෙ මාධ්‍යවේදියෙක් සියවසේ විද්‍යාඥයා ලෙස සැලකෙන නොබෙල් ත්‍යාගලාභී මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගෙන් අසනවා "ලෝකෙයේ බුද්ධිමත්ම මිනිසා වීමට ලැබීම ගැන ඔබ මොකද හිතන්නෙ?" කියා. එවිට අයින්ස්ටයින් පිළිතුරු දෙන්නේ "ඔබ එය ඇසිය යුත්තේ නිකොලා ටෙස්ලාගෙනි" ලෙසයි. මේ තත්වය යටතේ දෙවන ලෝක යුද්ධය අවසන් වෙනතුරුත් ටෙස්ලාගේ සටහන් තේරුම්ගෙන ආයුධ නිපදවීමට ඇමරිකාවට හැකිවුණේ නැහැ. අවසානයේ මෙම සියළු ලේඛන යුධ වකවානුව තුළදී අතුරුදන් වී ඇති බවට ඇමරිකාව ලොවට ප්‍රකාශ කරනවා.
ලිපිය උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්
මුල් නිර්මාණකරුට ප්‍රණාමය
credit: Image From nap.edu
No comments