Headlines

ඔකිකු (ජීවත් වන බෝනික්කා)

 Okiku (The Living Doll)

Image -Japan555

ඔකිකු (ජීවත් වන බෝනික්කා)

1918 දී දාහත් හැවිරිදි "අයිකිචි සුසුකි" විසින් "සපාරෝ"හි දී තමන්ගේ අවුරුදු දෙකක් වයස කුඩා සහෝදරිය "ඔකිකු" සඳහා බෝනික්කෙක්ව මිළදී ගන්නවා. ඉන් අවුරුද්දකට පස්සේ ඔකිකු වයස අවුරුදු තුනේදී අකාලේ මිය යන තුරුම මේ බෝනික්කව සහ ඔකිකුව කාටවත් වෙන් කරන්න බැරි වෙනවා. ඒ නිසාම ඔකිකු මිය ගියාට පස්සේ ඇයත් සමඟම මේ බෝනික්කත් භූමදාන කරන්න පවුලේ අය අදහස් කළත් පස්සෙ ඒ අදහස වෙනස් කරන්න වෙනවා. ඉතින් බෝනික්කා සහ ඔකිකු මෙතනදි වෙන් වෙනවා. 

කොහොම උනත් ටික කාළයක් යත්දි මේ ගෙදර අයට හොයාගන්න ලැබෙනවා බෝනික්කගේ යම් වෙනස්කමක්. ඒ තමයි බෝනික්කගේ කොණ්ඩේ දික් වෙලා කියන එක. මේ බෝනික්කා උරහිස් දක්වා කෙටි කෙස් කළඹක් තිබුණු බෝනික්කෙක්. නමුත් ගෙදර අයට දකින්න පුළුවන් වෙනවා ඉණ දක්වා දිගුවුනු අවුල් කෙස්සක් විදිහට මේ කෙස් කළඹ වැඩිලා කියන එක. ඉන් පස්සේ මෙයාලට ඔකිකුව හීනෙන් පේන්නත්, ඒ වගේම තවත් කල් යත්දි සමහර වෙලාවට උදේට ඇහැරෙත්දි බෝනික්කා ඔවුන් ලඟ ඉන්නවා දකින්නත් ලැබෙනවා. ටිකෙන් ටික මේ සිද්දි ටිකක් සංකීර්ණ වෙන්න ගන්නවා. දොරවල් වලට තට්ටු කිරීම්, විදුලි පහන් ඉබේම දැල්වීම් සහ නිවීම් වගේම ඔකිකුගේ උපන් දිනය , මිය ගිය දිනය වගේ විශේෂ දින වලදී මේ දේවල් වල වර්ධනයත් දකින්න ලැබෙනවා. ඔකිකුගේ පවුලේ අය විශ්වාස කරනවා ඔවුන්ගේ මැරුණ දියණියගේ අවතාරය මේ බෝනික්කට ආවේශ වෙලා කියලා.

ඉතින් අන්තිමේදී පදිංචිය මාරු කරන ඔකිකුගේ පවුලේ අය මේ බෝනික්කව  ඒ පළාතේ පන්සලක භාරයට පත් කරනවා. ඔකිකු විදිහටම හඳුන්වන මේ බෝනික්කා අදටත් ඒ පන්සලේදි දකින්න පුළුවන්. කියන විදිහට නම් දැන් කලින්ටත් වඩා වේගයෙන් වගේම අපිළිවෙලට බෝනික්කගේ කොණ්ඩය වැවෙනවා වගේම මෙයාව බලන අයගේ හීන වලට මෙයා ඇතුළු වීමත් සිද්ද වෙනවා.

උපුටාගැනීම අන්තර්ජාලයෙන් 

No comments