කාන්තාවට හිමි තැන
ලෝකයේ බොහෝ ශිෂ්ටාචාර වල මුල් කාලීනව සිදු කල වන්දනාමාන දිහා බැලුවම එක් පොදු දෙයක් දැකගන්න පුලුවන්. මේ හැම ශිෂ්ටාචාරයක ම ඇදහීමට ලක්වූයේ කාන්තාවක්. ග්රීක ශිෂ්ටාචාරයේ ඇදහීම් වල දී අපිට නිතර හමුවෙන්නේ සියුස්, පොසයිඩන්, හේඩීස් වැනි දෙවිවරු. බහුතරයක් පිරිමි දෙවිවරු. නමුත් ග්රීක ශිෂ්ටාචාරයේ මුල් කාලයේ ඇදහුවේ පිරිමි දෙවිවරු නෙමේ. ඔලිම්පියා හි සිටි ග්රීක දෙවිවරුන්ට සිටියා මවක් ‘ගායා’ කියලා. මේ මව වදනාමාන කිරීමයි මුල් කාලීනව සිදු කෙරුනේ.
ලෝකයේ පලමු ශිෂ්ටාචාරය විදිහට සැළකෙන මෙසපොතේමියානු ශිෂ්ටාචරයේ සිටියේ ‘ඉෂ්තාර්’ නමින් වූ දේවතාවියක්. ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේත් මුල් කාලීනව තිබුනේ මාතෘ දේවතා වන්දනයක්. ඒ හැම දෙයකින් ම තේරෙන්නේ ශිෂ්ටාචාරගත මිනිස්සු දෙවි කෙනෙක් විදිහට පලමුව තෝරගත්තේ කාන්තාවක්ව කියලා. ඒකට ප්රධාන හේතුවක් වුනේ කාන්තාවකට දරුවෙක් බිහි කිරීමට ඇති හැකියාව. පිරිමි කෙනෙක් මොන මට්ටමට ගියත් දරුවෙක් බිහි කරන්න බැහැ. පුරාණ ශිෂ්ටාචාරවල මිනිස්සු මේ දේ දැනගෙන හිටපු නිසා තම තමන්ගේ ශිෂ්ටාචාරවල මුල් කාලීන ඇදහිලි වලට මාතෘ දේවතාවියක් පත් කර ගත්තා.
නමුත් කාලයත් එක්ක පිතෘ මූලික සමාජයක් බිහි වීමෙන් මේ තත්ත්වය වෙනස් වෙලා බහුතරයක් පුරුෂ දෙවිවරු බිහි වුනා. ග්රීක ශිෂ්ටාචාරයේ සියුස් ඇතුලු දේව මණ්ඩලයේ වන්දනය හිස එසෙව්වේ ‘ගායා’ දේවතාවිය වන්දනය යටපත් කරගෙන.
කොහොම නමුත් සමහර ශිෂ්ටාචාර වල කාන්තාවට අඩු සැලකිලි දැක්වුවත් කාන්තාවට ගරු කල පිරිමින් මෙන් සම තැන ලබාදුන් ශිෂ්ටාචාරත් තිබුනා. ඊජිප්තු ශිෂ්ටාචාරයේ වසර දහස් ගණනක් යන තුරු කාන්තාවන් පිරිමින් හා සමව සැලකුනා. ජීවය බිහි කිරීම හා ඉගැන්වීම නිසා කාන්තාවන්ට ඊජිප්තුව තුල සුවිශේෂී තැනක් හිමි වුනා. රටේ පාලනයට පත් වීමට ඊජිප්තුව තුල පුරුෂයෙක් වීම අනිවාර්ය වුනෙත් නැහැ. හට්ෂෙප්සුට් සහ ක්ලියෝපැට්රා වැනි අය ඊජිප්තුව පාලනයට පැමිණියේ ඒ අයුරින්.
පුරුෂයෙක් දැනුමෙන් හා බලයෙන් පරිපූර්ණ වූ විට ඔහුට කාන්තාවක් මෙන් දිගු කොණ්ඩයක් පැළදීමට අවසර හිමි වන බව පුරාණ ඊජිප්තු වැසියෝ විශ්වාස කලා. පැරණි ඊජිප්තු පාරාවෝ වරුන්ගේ චිත්ර හා මමී වල මෙසේ දිගු කොණ්ඩයක් පැහැදිලිව දැකගන්න පුලුවන්. ඒවායින් ඔවුන් අදහස් කලේ එසේ දැනුමෙන් හා බලයෙන් පුරුෂයෙක් පරිපූර්ණ වුනාම ඔහු කාන්තාවක් හා සම වෙනවා කියලා.
ක්රි.පූ. 3000 අවධියට අයත් පහත පිළිමය දෙස බලන්න. මෙහි සිටින කාන්තාව පුරුෂයාව අත් දෙකෙන් ම අල්ලාගෙන සිටිනවා. කාන්තාව පුරුෂයාට ශක්තිය හා ආරක්ෂාව ලබා දීම නිරූපණටයි ඒ විදිහට පිළිමය නිර්මාණය කලේ.
“සෑම සාර්ථක මිනිසෙක් පිටුපස ම කාන්තාවක් සිටියි” යනුවෙන් කියමනකුත් මා අසා තිබේ
උපුටාගැනීම අන්තර්ජාලයෙන්
ලිපියේ මුල් හිමිකරුට ප්රණාමය
No comments