Headlines

WhatsApp Tips

WhatsApp නිතරම භාවිත කරන ඔබට වැදගත් වන tips ටිකක් අද අපි එකතු කර තියෙනවා. WhatsApp භාවිතය පහසු කරගැනීම සඳහා උදව් වේ. 


 Text Format වෙනස් කිරීම.


 1. ඔබ කෙනෙකුට යවන message එක, ඔබට BOLD කිරීමට අවශ්‍ය නම් ඔබ යවන Message එකට පෙර සහ පසු * මෙම ලකුණ දමන්න 

උදා - *Message*

2. එසේම ඔබ යවන Message එක Italics කිරීමට අවශ්‍ය නම් ඔබ යවන Message එකට පෙර සහ පසු  _  මෙම ලකුණ දමන්න.

උදා- _Message_

3. එසේම ඔබ යවන Message එක හරි මැදින් කැප දැමීමට අවශ්‍ය නම් ~ මෙම ලකුණ අදාල Message එකට පෙර සහ පසු දමන්න 

උදා -  ~Message~


Message එක යැවූ විට ලබන්නා එය කියවූ වෙලාව දැන ගැනීම.

1. එය දැනගැනීමට ඔබ යවන Message එක long press කර එහි එන info option එක click කරන්න.


storage full නම් photos,videos phone එකට save නොවීමට සැලැස්වීම.

1. පළමුව WhatsApp settings වලට යන්න 

2. ඉන්පසු එහි chats වෙත ගොස් off visibility of  multimedia files වෙත යන්න.  එවිට ඔබට ඔබගේ phone එකේ video,photos save  වීම නතර  කල හැක.


last seen පෙන්වීම නැවත්වීම

 

1. ඔබ  අවසන්  වරට WhatsApp භාවිත කල වෙලාව අන් අයට පෙන්වීමට ඔබ අකමැති නම් WhatsApp හි settings menu වෙත ගොස් privacy select කරන්න. ඉන්පසු  එහි එන lastseen යන්න select කරන්න. එවිට ඔබට contact list එකේ සියලු දෙනාම හෝ තරගත් ය පමණක් ලෙස select කල හැක.


Mark as unread 



ඔබට යමෙකුට පසුව reply කිරීමට අවශ්‍ය නම් එම chat එක select කර එහි Mark as unread  option එක click කරන්න.


ඔබ වැඩියෙන්ම කතා කර ඇත්තේ කා සමගද??


ඔබ වැඩියෙන්ම කතා කර ඇත්තේ කා සමගද යන්න දැනගැනීමට නම් settings වෙත ගොස් එහි storage data වෙත ගොස් එහි storage use වෙත ගොස් දැන ගතහැක.


Personalize notifications

ඔබට  WhatsApp message එකක් ලැබුණු  විට එය ලැබුනේ කාගෙන්ද යන්න දන ගැනීමට නම් එම චැට් එකේ click කර Personalize tone වෙත ගොස් ඔබට කැමති tone එකක් select කරන්න. 


Temporary messages

කෙටි පණිවුඩයක් යව එය සුළු මොහොතකින් delete වීමට සැකසිය හැකිය  

ඔබට එය සිදු කිරීමට අවශ්‍ය නම් ලබන්නාගේ නම click කර messages option එක select Temporary messages switch එක turn on කරන්න .

ඡායාරුප - අන්තර්ජාලයෙනි 

No comments