සෑම දෙයක්ම වීමට හේතුවක් ඇත
සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කාර්යාලයක් තිබූ සමාගමක් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් එහි විධායකයින්ට සහ සේවකයින්ට තම අත්දැකීම් හුවමාරු කර ගැනීමට ආරාධනා කළහ.
මිනිසුන්ගේ දිවි බේරී තිබුණේ ඉතාම සුලු හේතූන් නිසා කාර්යයාලයට පැමිණිම ප්‍රමාද විම නිසා..
- සමාගමේ අධ්‍යක්ෂකවරයා ප්‍රමාද වූයේ ඔහුගේ පුතාගේ පලමුවරට පාසලට ඇතුත් කිරීමේ දිනය වූ බැවිනි;
- උදේ ඇහැරෙන්න තැබු එලාම් එක නියමිත වේලාවට නාද නොවීම නිසා කාන්තාවක් ප්‍රමාද විය.
-රිය අනතුරක් සිදු වූ ස්ථානයේ සිරවී සිටි නිසා එක් අයෙකු ප්‍රමාද විය.
- දිවි ගලවා ගත් තවත් අයෙකුට බසය මග හැරුණි;
- එක් අයෙකුට ඔහුගේ කාරය සම්බන්ධව ගැටළුවක් ඇතිවීය;
- දුරකථනයට පිළිතුරු දීමට තවත් අයෙක් කාර්යාලයෙන් පිටතට පැමිණියේය;
- තවත් කෙනෙකු එදා දවසේ ඒ මොහොතේ දරුවෙකු බිහිකරමින් රෝහලේ!
- තවත් කෙනෙකුට ටැක්සියක් ලැබුනේ නැත.
- නමුත් වඩාත්ම සිත් ගත් කතාව නම් එදින උදෑසන අලුත් සපත්තු යුගලයක් පැළඳ සිටි පුද්ගලයෙකුගේ වන අතර, ඔහු වැඩට යාමට පෙර අලුත් සපත්තුව නිසා කකුල කැපි ප්ලාස්ටරයක් ගැනිමට ෆාමසියේ නැවැත්වූ අතර ඔහු අද ජීවතුන් අතර සිටින්නේ එබැවිනි.
බලාපොරොත්තු කඩවිම් වගේම කලකිරීමක් ඇති වන විටදී ප්‍රමාදයන් අනපේක්ෂිත ලෙස ඇතිවන විටදී ඔබ මුලින්ම සිතන්න...
ඔබ මේ වේලාවේ සිටිය යුතු නිශ්චිතම ස්ථානය මේ ඔබ සිටින තැනයි... "
ඒ ඔබේ දෛවය විය හැකියි.. හැකි පමණ ජිවිතය විඳින්නට ජීවත්වන්න.කෝප නොවන්න.. කලකිරීමට දුකට පත්නොවන්න
ඔබ සිටින්නේ නිවැරදි ස්ථානයේ...නිවැරදි වේලාවේදී...ඔබට පැවරුණු නිවැරදිම දේ කරමින් බව සිතට ගන්න.ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙන්න..
No comments