සැබෑ නිදහසේ සුවය
මව, පියා සහ තම සොහොයුරා හෝ සොහොයුරිය සමග ගුවන් යානයෙන් බෙල්ජියම් පොළොවට බට විගස මේ දැරිවිය නිදහස් හැඟීමෙන් ප්‍රමුදිතව, උතුරා යන සතුටින් උඩ පනිමින් යනවා. ඇයගේ ශරීර චලනය බලන්න. මේක මට කතා කරන පින්තූරයක්.
අපි නිතරම කියන්නෙ ඒකයි. රට, ජාතිය, ආගමට වඩා මිනිසුන්ගේ ලෞකික නිදහස පරමයි. නිකමට හිතුවොත් අර දේවල් තමන්ගෙ ලෞකික නිදහසට වඩා වටිනවා කියලා ඒ අය තලෙබාන්ලා එක්කම ඒවා රැකගන්න ඇෆ්ගනිස්ථානයේ ඉන්න ඕනනෙ. මේ ධර්මතාව තුන්වන ලෝකෙ හැම රටකටම පොදුයි. කවුරුත් ඉඩක් ලැබුණොත් ඔක්කොම පැත්තක දාලා නිදහස සහ හොඳ ජීවන තත්වයක් හොයාගෙන මෙහෙම යනවා. අපි මිනිසාගේ ලෞකික නිදහස සාක්ෂාත් කරන දේශපාලන ක්‍රම වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ ඒ නිසා.
මේ ඡායාරූපය අරන් තියෙන්නෙ REUTERS පුවත් සේවයේ වාර්තාකරුවකු වන Idress Ali. ඔහුගේ මෙම ඡයාරූපය Twitter වල පළකලාට පස්සෙ දහස් ගණන් Re-Twitt වෙලා තියෙනවා. වෙනත් සමාජ මාධ්‍ය ජාලා වල හුවමාරු වෙලා තියෙනවා.
ඇෆ්ගනිස්ථානයේ ඉඳන් බෙල්ජියමට ආපු මේ හමුදා ගුවන් යානයේ ඇෆ්ගන් වැසියන් 468 ක් ඉඳලා තියෙනවා. මේ වන විට බෙල්ජියම විසින් ගෙන්වාගත් ඇෆ්ගන් වැසියන්ගේ සංඛ්‍යාව 1400 ක්. මෙහෙම ලෞකික නිදහස සොයාගෙන එන ඇෆ්ගන් වැසියන් දියුණු සමාජ ප්රජාතන්ත්රවාදයක් ( Social Democracy ) තියෙනු රටක, දියුණු බහු සංස්කෘතික සමාජයකට ( Multi Cultural Society) මුසුවේවි. නිදහස සහ සෞභාග්‍ය අත්විඳීවි. මේ දැරිවියට ඒක දැනෙන්න ඇති. ඒ නිදහසින් උඩ පැන-පැන, හිනැහෙමින් යන දැරිවිය ඔබේ දියණිය කියලා හිතන්න. ඔබට හිතෙන්නෙ මොනව ද?
තොරතුරු - අන්තර්ජාලයේ පලවුනු ලිපියකිනි
ඡායාරුපය - අන්තර්ජාලයෙනි
No comments