නිවැරදි ශරීර ඉරියව් මගින් සුවබර දිවියක්
එදිනෙදා කාර්යබහුල ජීවන රටාවත් සමඟ නිවැරදි ඉරියව් පවත්වාගැනීම ඉතාම අපහසු කාර්යයක් වී තිබෙනවා. දවස පුරා පරිගණකයක් ඉදිරියේ හෝ ස්මාර්ට් දුරකථනය දෙස බලාගෙන හෝ වැඩිපුරම හිටගෙන සිටීමට සිදුවන රාජකාරි වලට දවසේ වැඩි කාලයක් ගතකිරීමට අපි අද වනවිට හුරුවෙලා තිබෙනවා. නමුත්, මේ පුරුදු සෞඛ්‍යයට නම් එතරම් හිතකර වන්නේ නැහැ.
බොහෝ වේලාවක් ජංගම දුරකතන තිරය හෝ පරිඝනකයේ තිරය වෙත හිස ඉදිරියට යොමු කරගෙන බලා සිටීම නිසා මේ දිනවල භෞතචිකිත්සක ප්‍රතිකාර වලට යොමු වන පිරිස වැඩි වෙමින් පවතිනවා. මීට අමතරව මා විසින් පහතින් දක්වා ඇති කරුනු නිසාත් බොහෝ විට විවිධ ආබාධ වලට ගොදුරු වන පිරිස වැඩියි.
වැරදි ඉරියව් නිසා ඇති විය හැකි ආබාධ
1.බෙල්ලේ කැක්කුම් හා ඒ සමග ඇති වන හිසරදය
2. උරහිස් වේදනාව
3. අත දිගේ යන හිරි වැටීම් කොන්දේ කැක්කුම
4. කකුල දිගේ යන හිරිවැටීම්
5. ස්වසන අපහසුතා
6. කශේරුකාවේ ඇදවීම් මාංශපේශි වල දුර්වලතාව
7. සන්ධි වල චලන පරාසය අඩු වීම
මෙම රෝගලක්ෂණ නිවැරදි ඉරියව් පුහුනු වීමෙන් හා භෞතචිකිත්සක ප්‍රතිකාර මගින් සුව කරගත හැකියි.
මේ සදහා නිවසේදිම කල හැකි දේවල්?
විද්‍යුත් උපාංග භාවිතයේදි දිගු වේලාවලක් එක දිගට භාවිතා කිරීමෙන් වැලකිම හා භාවිතා කිරීමේදි නිතර විවේක ගැනීම
බෙල්ලට මාංශ පේශි වලට ඇදීමේ ව්‍යායාම හා ශක්තිමත් කිරීමේ ව්‍යායාම කිරීම.
බර එසවීම හා තුනටිය ප්‍රදේශය ඇඹරෙන ආකාරයේ ක්‍රියාකාරකම් වලින් ඈත්ව සිටීම
එකම ඉරියව්වෙන් බොහෝ වේලාවක් සිටගෙන හෝ ඉඳගෙන නොසිටීම .
නිතරම ඇදීමේ ව්‍යායාම වල නිරත වීම
දෛනික ව්‍යායාම වල නිරත වීම
ඡායාරූප හා තොරතුරු අන්තර්ජාලයෙනි
No comments