Headlines

උත්සහවන්තයාට කල නොහැක්කක් නැත.

 දෛවයට අභියෝග කළ Frank

Frank Lentini යනු ප්‍රධාන පාද තුනක් සහිත (අමතර පාදය තුන්වන පාදයේ දනහිස ලගින් දෙකකට බෙදී සෑදී ඇත,එබැවින් පාද හතරක් ලෙස ද සඳහන් වේ.)ඇගිලි 16 සහිත හා ලිංගික අවයව දෙකක් සහිතව 1889 මැයි 18 ඉතාලියේ උපත ලද පුද්ගලයෙකි උපතින් අසාමාන්‍ය ශරීරයක් පැවතුනද ඔහුගේ මානසික ශක්තිය සාමාන්‍ය මිනිසෙකුට වඩා බොහෝ ඉහළයි. වයස අවුරුදු අටේදී ඔහු ඇමරිකාවට පැමිණෙන විට භාෂා හතරක් කතා කරන්න පුළුවන්. නොයෙකුත් බාධක හමුවේ වුවද වේගයෙන් දිවීමට, පැනීමට සහ බයිසිකල් පැදීමට, පිහිනීමට, වාහන වගේම අශ්වයන් පැවීමටත් ඔහු ඉගෙන ගත්තා. ඒ විතරක් නෙමෙයි ඔහු සර්කස් කණ්ඩායමක දක්ෂ සර්කස් රංගන ශිල්පියෙක්. ඔහු දක්ෂ රචකයෙක්. ඔහුගේ තුන්වන කකුල පිහිනීම වගේ කර්තව්‍යයන් වලට භාවිතා කරන ආකාරය, ලිංගික ජීවිතය ඒ කරුණු මෙම ලිපි වල සඳහන් වෙනවා. The Life History of Francesco Lentini නමින් ඔහු එළිදැක්වූ කුඩා කෘතියේ ඔහුගේ ජීවන වෘත්තාන්තය සඳහන් වෙනවා.මොහු 1966 සැප්තැම්බර් 21 දින මියගියේය.

උපුටා  ගැනීම අන්තර්ජාල ලිපියකින් 

ඡායරූප අන්තර්ජාලයෙන් 

No comments