ඔබගේ ලේ වර්ගයට අනුව ඔබ ගැන කියවෙන දේ
A+ / A-
ඔබ ගොඩක් බුද්ධිමත්,සංවේදී කෙනෙක්.ඒ වගේම ඔබ කරන කාර්යන් ගොඩක් කලාත්මකව කරනවා... සාර්ථක වෙන්න අධිෂ්ඨානයක් සහ ජවයක් ඔබ සතුව තිබෙනවා...ඒ වගේම සමාජයේ කැපී පෙනෙන චරිතයක්...අසාදාරනයට කැමති නෑ... බොරු කියන අයට නම් පොඩ්ඩක් වත් කැමති නෑ... සමහර අවස්ථා වලදී අත් අයගේ හිත දෙයි කියල නිහඬව සිටියි.. වගේම අන් අයට උදව්කරන්න ඉදිරිපත් වෙයි...පුංචිම පුංචි දෙයක් ගැනත් ගොඩක් හිතනවා...මේ නිසා මානසික පීඩාවන් ඇතිවෙනවා රන්ඩුවෙන්න කැමති නෑ.. ආදරය කරන කෙනා ගැන වැරදි වැටහීම හා අනවශ්‍ය ප්‍රශ්න ඇති වීමෙන් ආදරය කbන කෙනාව නැති කර ගන්න කැමති නෑ... කෙනා වෙනුවෙන් මුලු ජීවිතයම කැප කරනවා. මොවුන් අවංක ආදරවන්තයෙක් හෝ ආදරවන්නියක්... තමන්ගේ පවුලේ අය වෙනුවෙන් තම වගකීම් ඉටු කරනවා.රැකියාවේ හෝ ව්‍යාපාරයේ ඉහලට යන්න ආශා කරනවා. මොවුන් කාගෙවත් ඉස්සරහ මොවුන්ගේ හැගීම් ප්‍රකාශ කරන්නේ නෑ..
O+ /O-
මොවුන් ගොඩක් මිත්‍රශීලි ඇයයි. ඒ වගේම ආකර්ෂණීය පුද්ගලයින් ඩවුන් ඕනෑම කාණ්යකට නායකත්වය දැරීමට දක්ෂයි. ගොඩක් බුද්ධිමත්...මොවුන් මොවුන්ගේ කාර්යන් සාර්ථක කර ගැනීමට මහන්සි වෙනවා මොවුන් මොවුන්ගේ ආදරවන්තය හෝ ආදීවන්තිය සතුටින් තියන්න ෆොඳින්ම දන්නවා...ඒ වගේම මේ අය පවුලේ වගකීම් නිසි ආකාරයට ඉටු කරන්න දන්නවා..මොවුන්ගේ ජීවිතයේ හැම කාර්යක්ම තනියම කරගන්න පෙලෙබෙන පිරිසක්. අන් අයගේ සහය බලාගෙන ජිවත් වෙන්නේ නෑ දිරියෙන් උත්සාහයෙන් ඕනෑම බාදකයක් ජයගන්නවා.. මොවුන් අන් අය ගැන හිතන ගොඩක් සංවේදී පිරිසක්... දුක හෝ සැප සතුටින් භාර ගන්නවා.. සමහර අවස්ථා වලදී හිතන්නේ බලන්නේ නැතුව තීරණ ගන්න නිසා පසු තැවෙන්න සිදු වෙනවා... එ දේවල් වලින් යමක් ජීවිතයට ඉගෙනගන්නවා.. හිත හොඳ පිරිසක් මේ අය කෙනෙක්ට ආදරෙ කරනවා නම් ඔවුන්ගේ ජිවිතයේ මොන ප්‍රශ්නයක් ආවත් ආදරෙ කරන කෙනාව දාල යන්නේ නෑ.. ආදරය කරන අය වෙනුවෙන් ඕනේ කැපකිරීමක් කරනවා.. ගොඩක් අවංකයි.. අන් අයගේ හිත් දිනාගන්න පුළුවන් වගේම ඉකමනින් කේන්ති යනවා
AB+ /AB-
මොවුන් ගොඩක් ශාන්තයි. නමුත් බුද්ධිමත්. මේ ඇයව තේරුම් ගන්න ගොඩක් අමාරුයි. මොවුන් මොන වෙලාවේ මොන දේ කරයිද කියලා කාටවත් හිතාගන්න බෑ. ඒ වගේම ගොඩක් ඉක්මනින් ඕනම කෙනෙක්ව මිතුරෙක් කර ගන්නවා සහ මිතුරන් වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. නමුත් මොවුන් මොවුන්ගේ මිතූරන්ගේ රැවටීම් වලටත් ලක් වෙනවා.. ඉන් පසු මොවුන් කලකිරීමෙන් හිටියත් මොවුන් මේ ඇයට ඉක්මනින්ම සමාව දෙනවා.ඕනම කෙනෙක් ගැන හොඳ ඉවක් මොවුන්ට නියෙනවා..ඔබව විශ්වාස කරලා අන් අය ඔවුන්ගේ පුද්ගලික දේ පවා ඔබව කියනවා..ඔබ තීරණ ගන්න කලින් මනසින් සහ බුද්ධියෙන් හිතලා බලලා තමයි තීරණයකට වන්නේ ..ඒ නිසා ඔබ ජීවිතය ගොඩක් සාර්ථක කර ගන්නවා..මේ අය දෙයක් කිව්වොත් ඒ දේ කරනවාමයි. මොකද නැත්තම් ඔවුන්ට වෙන අගෞරවයක් විදිහටයි එයාලට දැනෙන්නේ... ආදර සම්බන්ධතා සහ විවහ ජීවිතය ගොඩක් බුද්ධියෙන් රැක ගන්නවා ..තම ජිවන සහකාරය හෝ ජීවන සහකාරිය තෝරා ගනිද්දි ගොඩක් බුද්ධියෙන් හිතනවා. මොන ප්‍රශ්න ආවත් තමන්ගේ ජීවන සහකරු හෝ සහකාරිය අත් හරින්නේ නෑ.. තමන්ගේ හිතූ මතේට ගොඩක් වෙලාවට කටයුතු කරයි . මේ නිසා අන් අයට මේ අය පෙනෙන්නේ අහංකාර හිතුවක්කාරයින් ලෙසයි..ඕනම තැනක ප්‍රධානත්වය අරන් කටයුතු කරයි. අන් අය අතර කැපී පෙනෙන කෙනෙකි. මොවුන් ටිකක් විශ්වාස කරන්න අමාරුයි. මොකද ඔවුන් කරන්නේ ඔවුන්ට හිතෙන දේ පමණයි. අනාගතයේ පසු තැවෙන්න වැඩ නොකරයි..ඒ වගේම මේ අය සමඟ වාද විවාද කර දිනන්න අමාරුයි.
B+/B-
ඔබ නිර්මාණශීලි කෙනෙක්. ඒ වගේම ඉතා ඉක්මනින් තීන්දු තීරණ ගන්නවා..ඉලක්ක අත් හරින්න සූදානම් නෑ.. ඔබ තරමක් ආත්මාර්ථකාමී කෙනෙක්.. ඕනම දෙයක් දෙස සැකයෙන් බැලීමට යොමු වේ...මෙන්ම ඔබ විනෝදකාමී කෙනෙක්. වෙනස් වෙන චරිතයක් ඔබ සතුව තිබේ. ඔබ ක්‍රියාශීලි හා ශක්තිමත් කෙනෙකි. පිරිසක් ඉදිරියේ ඉතා මිත්රශීලීව කටයුතු කරන අතර පහසුවෙන් එකිනෙකා සමඟ සම්බන්ධ වේ.. පරිස්සමෙන් අන් අයව ඇසුරු කිරීම ඔබගේ වගකීමක්.
ඒ වගේම ඬබ ගොඩක් හිතුවක්කාර කෙනෙකි. ආදර සම්බන්ධතා හෝ විවාහ ජීවිතයේ තමන්ට ඕන දේ කර ගෙනයි ඔබ නවතින්නේ. නිතර සිතන්නේ ඔබ කරන දේ හරි කියලා ඒ නිසා ඔබ සමහර අවස්ථා වලදී යම් යම් ප්‍රශ්න වලට පැටලෙන්න පුලුවන් නමුත් ඔබ ඒ ප්‍රශ්න වලින් දෙයක් ඉගෙන ගෙන නැවතත් දේ නොකර ඉන්න තරම් බුද්ධිමත් වෙනවා....... ඔබගේ මනස පැය 24 පුරා විවිධ දේවල් ගැන හිතන්න ක්‍රියා කරන නිසා ඔබ අලුත් දෑ සොයා ගන්නවා.. ගොඩක් අවංකයින් නිසා. රැවටීම් වලට ඉතා ඉක්මනින් අහුවෙනවා.ඔබව රවට්ටපු අයට කවදාවත් සමාව දෙන්නෙ නෑ....අන් අයගේ උපදෙස් පිළිගන්නේ නෑ. ගෙදර ය එක්ක කාලය ගත කාන්නේ තමන්ගේ ප්‍රතිපත්ති අනුවයි.. ඔබට O+ අය සමග සම්බන්ධතා ගැලපේ.....
උපුටාගැනීම -අන්තර් ජාල ලිපියකින්
ඡායාරූප - අන්තර්ජාලයෙන්
ලිපියේ පළමු හිමිකරුට ප්‍රණාමය
No comments