අද කාලගුණය ( සැප්තැම්බර් 01)
අද කාලගුණය ( සැප්තැම්බර් 01)
2021 සැප්තැම්බර් 01 වන දින සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනයට අනුව බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.
No comments